කොළඹ පෝර්ට් සිටි නවත්වනවා' - රනිල්

Published in පුවත්
Wednesday, 17 December 2014 09:42

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රට භාරගත් වහාම මීගමු වෙරළේ සිට බේරුවල දක්වා වෙරළ තීරය විනාශ කර දමන වරාය නගර ව්‍යාපෘතිය නවතා දමා වෙරළ තීරය රැකගනිමින් මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස් සමග ඊයේ (16දා) පැවැති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේය.

වර්තමාන ආණ්ඩුව සංචාරක ව්‍යාපාරය දියුණු කළ බවට සහ දසලක්ෂ වැනි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණි බවට කෑමොර දුන්නත් ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන් බස්රථවල ගමන් කරමින් සුළු මුදලක් වියදම් කර රට වටේ ගොස් රටින් පිටව යන බව ඒ මහතා පැවසීය.


යුරෝපයේ ඇතුළු දියුණු රටවල මුදල් හදල් යහමින් ඇති සංචාරකයන් මාලදිවයින වැනි රටවල සංචාරය කරන බවත්, එම පිරිස් මේ රටට ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.


මේ නිසා ලංකාව වටේ තිබෙන සුන්දර වෙරළ තීරය රැකගනිමින් සහ සමස්ත පරිසර පද්ධතිය රැකගනිමින් මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

නව ආණ්ඩුවක් යටතේ සංචාරක ව්‍යාපාරය 2025 වසර වනවිට රටට ගැළපෙන ආකාරයට සහ දියුණුම මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.


දැනට සංචාරක හෝටල්වල සේවය කරන සේවකයන්ට ලැබෙන්නේ ඉතාමත් සුළු වැටුපක් බවත්, ඔවුන් වෙත හොඳ වැටුපක් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us