ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී තම සන්ධානය මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන යන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවරකුට හෝ පක්ෂව ඡන්දය ලබා දෙන ලෙස දෙමළ ජනතාවට නොපවසන බවත් තමන්ට සුදුසු යැයි හැඟෙන අයකුට ඡන්දය දීමේ ඉඩකඩ දෙමළ ජනතාව සතුව පවතින බවත් පවසයි.
ජනතා විමුක්ති පෙරමුණද මෙවැනිම ස්ථාවරයක් අනුගමනය කරයි. එම පක්ෂය සඳහන් කරන්නේ තමන්ද කිසිදු අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී නොසිටින බවයි.