ඔහු මේ බව පැවසුවේ හිටපු සමාජසේවා නියෝජ්‍ය ඇමති ලයනල් පේ‍්‍රමසිරි මහතාගේ ගාල්ල බටගන්විල නිවසේ ඊයේ (14දා) පැවති ගාල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කි‍්‍රයාකාරීන්ගේ රැස්වීමකදිය.
ඔහු මෙසේද පැවසුවේය,
“මට වාරිමාර්ග ඇමතිකම ලැබුණා. ඇමතිකමේ දිවුරුම් දීලා බලනකොට මහවැලි විෂය නැහැ. ගාමිණී දිසානායක ඇමතිතුමාගේ කාලයේ ඉඳලා වාරිමාර්ග අමාත්‍යංශයට තමයි මහවැලි විෂය තිබුණේ. මේ ගැන මම ඇහුවා. එතකොට කීවා ඒක මෛත්‍රී ඉල්ලුවා. එයාට මහවැලිය දුන්නා කියලා. ඒ අනුව බලනවිට මටත් අසාධාරණයක් වෙලා තියෙනවා. වැඩ කරන්න තනතුරු වැදගත් නැහැ. ජනතාවට සේවය කිරීම තමයි අවශ්‍ය”