මෛත්‍රී පාලනයකට යොවුන් පෙරමුණු මංගල රැලිය අැරඹේ

Published in පුවත්
Monday, 15 December 2014 11:20

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් තරුණ සම්මේලන රැලි මාලාවක් පවත්වයි.එහි පළමු රැලිය අද (15දා) පස්වරුවේ පොළොන්නරුව නගරයේදී පවත්වන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය.

දිස්ත්‍රික් මට්ටමින් පවත්වන යොවුන් පෙරමුණ තරුණ සම්මේලනය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර අනිකුත් ප්‍රධාන රැලි ජාතික යොවුන් පෙරමුණ මගින් දෙසැම්බර් 19 වැනිදා මාතර නගරයේදීත්, දෙසැම්බර් 20 වැනිදා බදුල්ල නගරයේදීත්, දෙසැම්බර් 21 වැනිදා කුරුණෑගල නගරයේදීත්, දෙසැම්බර් මස 23 වැනිදා ගාල්ල නගරයේදීත් පවත්වන බව රුවන් විජේවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම දෙසැම්බර් 27 වැනිදා ගම්පහ නගරයේදී ජාතික යොවුන් පෙරමුණ තරුණ හමුව පැවැත්වීමට නියමිතය.

දෙසැම්බර් 28 වැනිදා කෑගල්ල නගරයේදී සහ දෙසැම්බර් මස 29 වැනිදා කළුතර දිස්ත්‍රික්කයේ ජාතික යොවුන් පෙරමුණ රැලි පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා පැවසුවේය. මෙම ජනහමුව සඳහා සරසවි යොවුන් පෙරමුෙණ් හා උපාධිධාරීන්ගේ සංගමයේ සහාය හිමිවන බව පැවසේ. වත්මන් ආණ්ඩුවේ අවිධිමත් හා අකාර්යක්ෂම පාලනය හේතුවෙන් තරුණ පරපුරේ අපේක්ෂා කඩවී, බහුතරයක් තරුණ ප්‍රජාවට රට හැරයාමේ අපේක්ෂාවක් ඇති වී තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.

වත්මන් තරුණ පරපුර පවතින දුෂ්කරතා හා ආර්ථික ගැටලු සඳහා විසදුම් සෙවීමට කොරියන් භාෂා විභාගයට මුල් තැන දී ඇති බවත්, කොරියාවේ රැකියා ලබාගැනීමේ අපේක්ෂාව ප්‍රමුඛ කරුණක් වී ඇති බවත් ඔහු සඳහන් කළේය. පිරිසුදු නායකත්වයක් යටතේ මෛත්‍රී පාලනයක් වෙනුවෙන් ජාතික යොවුන් පෙරමුණද කැපවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us