ජාතිවාදී ගිනිදැල් නැවත ඇවිලීම සදහා මහින්ද රාජපක්ෂගේ මෙහෙයුමෙන් වාසුදේව, විමල්, ගම්මන්පිල සහ දිනේෂ් ඇතුලූ ඊනියා දේශපේ‍්‍රමීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආණ්ඩුවේ පිටත සිටත්, චම්පික රණවකගේ මෙහෙයුමෙන් විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කිරීම ඇතුලූ වැදගත් දේශපාලණ ප‍්‍රතිසංස්කරණ රැසක් සමග ගෙන ඒමට නියමිත 19 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙමින් ආණ්ඩුව තූළ සිටත්, ජනවාරි 08 ලද ජනතා ජයග‍්‍රහණය නැවත ආපසු හැරවීමේ බරපතල මෙහෙයුමක් දියත් වෙමින් පවතී. 

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතයක් වශයෙන් දක්වා තිබීම ගැට‍ළු සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂගේ දේශපාලනික වෘත්තිය යළි ගොඩනගා දීමට හිටපු ආණ්ඩුවේ ඇතැම් කොටස් දරණ වියරු ප්‍රයත්නය තුළ එක්තරා ඛේදයක ලක්ෂණයක් දක්නට තිබේ. මහින්ද රාජපක්ෂගේ නියමිත පාලන කාලය අවසන් වීමටත් කලින් සෑහෙන වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනතාව විසින් ඔහුව පරාජය කොට තවම මාස තුනක් පමණි.

 

ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා සිංගප්පූරු ආදර්ශයන් කෙරෙහි යොමු වීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජනිත් මධුෂංක ද සිල්වා හෙවත් පොඩි ලැසී මේ මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකළේය.

කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එහි දූපත් 11ක් අවුරුදු 30 සිට - 99 දක්වා කාලයකට පෞද්ගලික අංශයට බදු පදනම මත ලබාදීමට සැලසුම් කර අැත.

ශ්‍රී ලංකා මැලේ සංගමය මගින් සංවිධානය කළ  අධ්‍යාපනඥයෙක්, දේශපාලනඥයෙක්, රාජ්‍යතාන්ත්‍රිකයෙක් වූ ටී බී ජයා මහතාගේ 125 වන ජන්ම දින සැමරුම සහ ශ්‍රී ලංකා මැලේ භාෂා දිනය සැමරීම පසුගියදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත් විණි.

දෙමළ ජාතික සන්ධානය විසින් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව හා සම්බන්ධයක් නොමැතිව පවතින විශාලම පක්ෂය ලෙස තමන්ට විපක්ෂ නායක ධුරය දැරීමට අයිතියක් ඇති බව පවසයි.

පිරිමින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ක්‍රීඩා තරග නැරඹීම සඳහා ඉරානයේ කාන්තාවන්ට පනවා ඇති තහනම ඇතැම් ක්‍රීඩා සඳහා පමණක් ඉවත්කිරීමට එරට රජය තීරණය කොට තිබෙනවා.

පසුගිය අයවැයෙන් යෝජනා කළ පරිදි සියලු පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට දේශීය ඇමතුම් සඳහා 25% ක සහනයක් හෙට (07) දිනයේ සිට ලබාදීමට නියමිතය.

Connet With Us