පොඩි ලැසී 20 වැනිදා දක්වා ඇතුලේ

Published in පුවත්
Monday, 06 April 2015 15:36

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජනිත් මධුෂංක ද සිල්වා හෙවත් පොඩි ලැසී මේ මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකළේය.

ඊට අදාළ නඩුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (06) විභාගයට ගත් අවස්ථාවේදි මෙම තීන්දුව ලබා දුන්නේය. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ලබාගෙන ඇති දුරකථන සිම්කාඩ්පත් සහ දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබාගැනීම සඳහා පොලීසිය කළ ඉල්ලීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර අවසරය ලබාදුන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට ප්‍රකාශ කළේ බන්ධනාගාරය තුළදී ජනිත් මධුෂංක හෙවත් පොඩි ලැසීට ජීවිත අවදානමක් පවතින බවයි. කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

සබැදි පුවත්


රත්ගම සභාපති මැරු පොඩි ලැසියා භාරවේ

මනෝජ් ඝාතනය කර ඇත්තේ ඔහුගේම පාතාල ගෝලයෙක්

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිව ඝාතනය කරයි

වෛරී දේශපාලනය හා ඝාතන සංස්කෘතිය - රංජිත් හේනායකආරච්චි

 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us