නාගරික සංවර්ධනය සිංගප්පූරු ක්‍රමයට හැඩ ගැසේ

Published in පුවත්
Monday, 06 April 2015 15:39

 

ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා සිංගප්පූරු ආදර්ශයන් කෙරෙහි යොමු වීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සඳහා අද දින එම අමාත්‍යංශය හා සිංගප්පූරුවේ The Singapore Cooperation Enterprise (SCE), Temasek Foundation, the Centre for Liveable Cities (CLC) ආයතන සමඟ ගිවිසුමකට එළඹුණු බව වාර්තාවේ.

සිංගප්පූරු ආදර්ශයන් හා ඒ දැනුම බෙදා හදා ගැනීම සඳහා වැඩ මුළු ආශ්‍රයෙන් අධ්‍යාපනික වැඩපිලිවෙලක් සකස් වී ඇති අතර මේ වෙනුවෙන් තෙමාසෙක් පදනම අමරිකානු ඩොලර් 430,068 ක මුදලක් ආධාර ලෙස ලබා දීමට නියමිතය.

නිවාස සැලසුම් - ප්‍රජා ගොඩනැගිලි, රජයේ ඉඩම් භාවිතාව- විකිණීම, ජලපහසුකම් සැලසීම - හරිතකරණය ආදී විෂයන් ගැන වැඩි අවධානයක් මෙහිදී යොමු කෙරේ.

මේ සඳහා එම අමාත්‍යංශ හා නගර සභා නිළධාරීන් 125 දෙනෙකු පුහුණු කිරීමටද නියමිතය.

Last modified on Tuesday, 07 April 2015 10:28

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us