ජනාධිපති, ජාතික සමඟියේ සංඛේතයක් වීම ගැටළු සහගතයි - ශ්‍රේෂ්ඨාධිකරණය

Published in පුවත්
Monday, 06 April 2015 17:02

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතයක් වශයෙන් දක්වා තිබීම ගැට‍ළු සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරයි.

ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් අද සඳුදා නැවත විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරු කේ ශ්‍රීපවන් ඒ බව කියා සිටියේය.

අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ කැබිනට් මණ්ඩල තීරණයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික සමගියේ සංකේතයක් ලෙස ජාතික කොඩිය පිළිගෙන තිබියදී ඊට ජනාධිපතිවරයා ආදේශ කිරීම ගැට‍ළු සහගත බවයි.

ඒ හේතුවෙන් ඊට අදාළ වගන්තිය කෙරෙහි අවධානය යොමු කිරීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරුවරයා නීතිපතිට උපදෙස් ලබා දුන් බවයි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ පැවසුවේ.

මේ අතර අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන බවට කර ඇති යෝජනාව තුළින් මහජනයා ජනාධිපතිවරයාට ලබා දුන් විධායක බලය කප්පාදු වීමක් සිදු නොවේදැයි යන්න ප්‍රශ්න කළ අගවිනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කොට අදාළ සංශෝධන සිදු කරන මෙන් නීතිපතිවරයාට යෝජනා කර තිබේ.

කෙසේ නමුත් නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ යෝජිත කෙටුම්පත තුළ අන්තර්ගත වගන්ති ජනමත විචාරයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් බවයි.

අදාළ කෙටුම් පතට සම්බන්ධ සංශෝධන යෝජනා රජයට ඉදිරිපත් කිරීමට තමා පියවර ගන්නා බවත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ රහසිගත තීන්දුව පාර්ලිමේන්තු කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

bbc

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us