මනෝජ් ඝාතනය කර ඇත්තේ ඔහුගේම පාතාල ගෝලයෙක්

Published in පුවත්
Monday, 30 March 2015 15:11
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු 'පොඩි ලැසි' නැමැත්තා බවට පොලිසිය විසින් හඳුනාගෙන ඇත.
 
මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අද (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
 
මනෝජ් යනු පාතාල කණ්ඩායමක් නඩත්තු කළ කල්ලි නායකයකු බව ප්‍රදේශවාසීන් පවසති. පොඩි ලැසි නැමැත්තා මනෝජ්ගේ ගෝලයකු බවද පැවැසේ. ඔහුගේ පියා වන තෙල්වත්තේ පදිංචි වසන්ත මීට වසර හයකට පමණ ඉහතදී ඝාතනය කොට ඇත. මෙම ඝාතනය නාඳුනන පිරිසක් විසින් කරනු ලැබ ඇති අතර එම ඝාතනය තවමත් අබිරහසකි.
 
මේ අතර, වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ සභාපතිවරයාගේ අවසන් කටයුතු ඊයේ හික්කඩුවේදී සිදුකෙරින.
 
පසුගිය 23 වැනිදා රාත්‍රියේ හික්කඩුව - වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයට ලක්වු අතර, මෙහිදී සභාපතිවරයාගේ මිතුරන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලැබිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us