යාපනය මාලිගය, හදන විට දෙමළ ජනයා ඒ ඉවසගෙන සිටියා පුදුමයි - රනිල් (audio)

Published in පුවත්
Monday, 30 March 2015 15:47

තමා යාපනෙය් සංචාරෙය් නියුතු වූ අවස්ථාවේ යාපනයේ රජමාළිගය නැරඹීමට ගිය බවත් එය සෑදීමට රුපියල් මිලියන 1000ක් වියදම් කර අැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ඔහු මේ බව පවසා සිටියේ වයි ෆයි කලාප පිහිටුවීමේ සමාරම්භක උළෙල අද (30) කොළඹ දී කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ අවස්ථාවේය.

යාපනය රජමාළිගය තුළ දැනට කාමර 10 ක් අැති බවත් කෑම කාමර 2ක් අැති බවත් කුස්සිය හැතැප්ම භාගයක් බවත් ඒහි සිට කෑම රැගෙන ඒන විට උණුවෙන් කෑම ගැනීමට නොහැකි තරම් දුර බවත් සදහන් කළේය.

හිටපු ජනාධිපතිට සහ අාර්යාවට වෙන් වෙන් කාමර දෙකක් අැති බවත් එයින් එකක් දුම්රිය පොළකට ගත හැකි තරම් විශාල බවත් පැවසුවේය.

පිහිනුම් තටාක කෑමකාමර සහ අනෙකුත් කාමර සියල්ල අතිසුකෝපභෝගී අයුරින් තනා අැති බවත් පැවසුවේය.

නුදුරේදීම මෙය තරු හයක හෝටලයක් බවට පත් කර හෝ අාදායම් ඉපයිය හැකි ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු යොදන බව ඔහු පැවසුවේය.

අක්කර 200 ක භූමියක් තුළ මෙසේ මාළිගා තනද්දී දුකසේ ජීවත් වන දෙමළ ජනතාව එය ඉවසා දරාගෙන සිටි අයුරු පුදුම සහගත බවද පැවසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල මඩුල්ල විසුරුවා අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බවත් ක්‍රිකට් මණ්ඩලය ඉංජිනේරු සංස්ථාවට රුපියල් මිලියන 500 ක් ගෙවීමට අැති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

අපේ ක්‍රිකට් තරග වලට ලැබිය යුතු සම්පූර්ණ මුදල නොගෙන csn එකට ලබා දුන්නේ මන්ද කියා විශාල ප්‍රශ්නයක් අැති බවත් මේ සියල්ල හෙළිදරව් කරගත යුතුවාක් මෙන්ම දූෂණ ගැන සෙවීමට ප්‍රථම වරට ක්‍රියා කළේද නව රජය බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

රජය හොරුන් අාරක්ෂා කරන බව ඩේලි මිරර් සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පත්වල ව්‍යාපාරික කර්තෘන් පවසන බවත් පුවත්පත් වල පළමු පිටුවෙන් දූෂණ ගැන කියන අතර අන්තිම පිටුව තුළින් හොරුන් අාරක්ෂා කිරීමට ඔවුන් කටයුතු කරන බවත් මොවුන් කාට යටවී සේවය කරන්නන්ද කාගේ සාක්කුවේද ඉන්නේද යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විමසා සිටියේය.

දූෂණ සොයමින් ඒවා වාර්තා කරන පුවත්පත් කළාවේදීන්ට සිය ස්තූතිය පළ කිරීමටද අග්‍රාමාත්‍යවරයා අමතක නොකළේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/ranil-wikramasinghe-1{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us