ශ්‍රී ලංකාවට ඇතුළු වන විටම බැසිල් අත්අඩංගුවට ගන්න - අධිකරණය නියෝගයක්

Published in පුවත්
Tuesday, 31 March 2015 07:24

රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළැයි සැකපිට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (30) නියෝග කළේය.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට ඇතුළු වූ විගස අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය කරන ලද නියෝගය බල රහිත කර සිය නීතිඥයින් මගින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම සඳහා වූ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා මෝසමක් මඟින් ඉල්ලා සිටිය ද මහේස්ත්‍රාත්වරයා ඔහුගේ ඉල්ලිම ප්‍රතික්ෂේප කළේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා පෙර දිනක දී අධිකරණය මඟින් නිකුත් කළ නියෝගයට අනුව කටයුතු කරමින් සැකකරු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ යුතු බව ද දැනුම් දුන්නේ ය.

කෙසේ නමුත් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා තවත් දින කිහිපයක් ප්‍රමාද වී මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමි‍ණෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දැනුම් දී තිබේ.

පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය නොමැතිව මෙම මූල්‍ය වංචා පැමිණිල්ල විභාගයට ගැනුණු අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ වූ දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂික මුදල් අක්‍රමිකතා, පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් දිවි නැඟුම දෙපාර්තමේන්තුව සතු මුදල් වැය කිරීම, රුපියල් මිලියන හැත්තෑවක් සමුළුවක් සඳහා වැය කිරීම, 2006 වසරේ ශ්‍රී ලංකාව මිලදී ගත් මිග් ගුවන්යානා හතරක් අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන දහහතර හමාරක් වැය කිරීම, ඇතුළු මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් මුල් කරගෙන මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සමඟ තවත් නීතිඥයින් විසිදෙනෙක් ඉදිරිපත් වූහ.

 

Last modified on Tuesday, 31 March 2015 07:29

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us