ඔහු මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වයි ෆයි කලාප පිහිටුවීමේ සමාරම්භක උළෙල අද (30) කොළඹ දී කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ අවස්ථාවේය.
අද දින උදාවී ඇති මෙම අවස්ථාව නව දේශපාලන සංස්කෘතියකට පාතබන ඓතිහාසික මොහොතක් බවත් මේ අනුව පේදුරු තුඩුවේ ජනතාවට මෙන්ම දෙවුන්දර තුඩුවේ ජනතාවටද මේ පහසු කම හිමිවන බවත් පැවසුවේය.
මේ අවස්ථාවට එක් වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ තොරතුරු තාක්ෂණ යුගයකට පිවිසීම උදෙසා වයිෆයි පහසුකම නොමිලේ ලබාදීමට පියවර ගත් බවයි.
විශේෂයෙන් තරුණ තරුණියන් ගැවසෙන ස්ථාන වලට මෙය ලබාදීම තුළින් නව පරපුරකට නව සන්නිවේදන මාර්ගයක් විවෘත කර දීම තුළින් නව පරපුර නැංවීම, අධ්‍යාපනය නැංවීමද අපේක්ෂා කරන බව පැවසුවේය.
මේ සදහා රුපියල් මිලියන 1000ක මුදලක් වැය වූ බවත් මෙය අනාගතය උදෙසා වටිනා ආයෝජනයක් ලෙස සලකන බවත් පැවසු අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ මෙම පහසුකමින් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නා ලෙසයි.
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන
{soundcloud}https://soundcloud.com/lankadaily/mangala-samaraweera{/soundcloud}