සම්බන්ධන් විපක්ෂ නායකයා කිරීමට මුස්ලිම් කොන්ග්‍රසයේ සහය.

Published in පුවත්
Monday, 30 March 2015 13:01

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරය ලැබීමට වඩාත්ම සුදුසුකම් සහිත මන්ත්‍රීවරයා බව මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.

මේ වන විට විපක්ෂ නායක ධුරය දරන ශ්‍රී ලනිපයේ මන්ත්‍රීවරු ගනනාවක් ආණ්ඩුවේ ඇමැතිකම් දැරීමත් එම පක්ෂයේ නායකයා ජනාධිපතිවරයා වන නිසාත් එම පක්ෂයට විපක්ෂ නායක ධුරය ලැබීමේ සදාචාරාත්මක අයිතියක් නොමැති බව දේශපාලන විචාරකයන්ගේ මතය වේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් වේ.

කෙසේ නමුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතරින් වැඩිම මන්ත්‍රීධුර (15) සංඛ්‍යාවක් හිමි පක්ෂය වන්නේ දෙමළ ජාතික සන්ධානයයි. එමෙන්ම එහි නායක සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ සිටින ජේෂ්ඨතම හා කෘතහස්ත දේශපාලඥයකු වන අතර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නකු ලෙස ප්‍රකටය. සිංහල දෙමළ හා ඉංග්‍රීසී භාෂා ත්‍රිත්වයෙන්ම කතා කිරීම හැකියාව ඇති ඒ මහතා ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින්නකු වන අතර ජාත්‍යන්තර වශයෙන්ද ඉහළ පිළිගැනීමක් සහිත නායකයකුද වේ.

මුස්ලිම් කොන්ග්‍රසයේ ලේකම් හන් අලී මහතා පවසන්නේ මෙරට දේශපාලනය හා සමාජ කටයුතු සම්බන්ධයෙන් ඉහළ අවබෝධයක් සහිත සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරයට පත් වියයුතු සුදුසුම කෙනා බවය. මේවන විට වෙනත් කුඩා විපක්ෂ කණ්ඩායම් විසින් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ධුරයට සුදුසු බව යෝජනා කර තිබුණත් ඔහුගේ පක්ෂයට ඇත්තේ මන්ත්‍රී ආසන තුනක් පමණි.

එමෙන්ම දෙමළ ජාතිකයකු විපක්ෂ නායක ධුරයට පත් නොවිය යුතු බවට මහින්ද රාජපක්ෂ මහතට සහය දක්වන කොටස් විසින් ප්‍රබල ප්‍රචාර්යක්ද ගෙන යමින් තිබේ. කෙසේ නමුත් මීට පෙර 1977 මහමැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හෙබවූයේ උතුරු පළාතේ දෙමළ ජනයා (කන්කසන්තුරේ) නියෝජනය කරමින් පැමිණි දෙමළ ජාතික මන්ත්‍රීවරයකු වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් මහතාය. ඔහු එල්ටීටීඊ සංවිධානය විසින් පසුව(1989) ඝාතනය කරනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us