විපක්ෂ නායකකම ලැබිය යුත්තේ අපිටයි - ටී එන් ඒ

Published in පුවත්
Monday, 06 April 2015 14:17

දෙමළ ජාතික සන්ධානය විසින් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව හා සම්බන්ධයක් නොමැතිව පවතින විශාලම පක්ෂය ලෙස තමන්ට විපක්ෂ නායක ධුරය දැරීමට අයිතියක් ඇති බව පවසයි.

ආර්. සම්බන්ධන් මහතා පවසන්නේ මේ වනවිට පාර්ලිමේන්තු නියෝජනයක් සහිත වන්නේ එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය (දෙමළ සන්ධානය) සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යන පක්ෂ හතර පමණක් බවයි. නව ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කරන බැවින් මන්ත්‍රීවරුන් 13 කෙගෙන් සමන්විත එනම් වැඩිම නියෝජනයක් සහිතව දෙමළ සන්ධානය විපක්ෂය වී ඇති බවයි.

ඔහු පවසන පරිදි "මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධනට මේ තනතුර ඉල්ලීමේ හැකියාවක් නෑ. ඔවුන් මැතිවරණයේදී තරඟ කළේ බුලත් කොලය ලකුණින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේම කොටසක්. මේ නිසා අපි තමයි විපක්ෂයේ සිටින විශාලම පක්ෂය. "

කෙසේවෙතත් මේ කාරණය කතානායක චමල් රාජපක්ෂ මහතා තීරණය කළයුතු දෙයක් බව සම්බන්ධන් මහතාගේ අදහසයි.

මේ පිළිබඳ තීරණය කතානායක වරයා විසින් හෙට ලබාදීමට නියමිතයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us