දේශපාලඥයන්ව පුනරුත්ථාපනය කළ නොහැකි වීම පසුපස ඇති සරළ හේතුව වන්නේ, ඔවුන් සුවිශේෂී වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමයි. ඒ වෘත්තීය පෙළගැසීම හරහා තම වේතන ඇතුළු අනේක වරප්‍රසාද තමන් විසින්ම සකසා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. එහිදී, මූල්‍යමය ශික්ෂණය සහ සමානුපාතිකතාව ගැන ඔවුහූ නොතකති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රටේ අද පවතින වඩාත් අර්ථලාභී රැකියාවක් බවට දේශපාලනය පත්ව තිබේ. හෙවත්, සොච්චම් නිෂ්පාදනයක් වෙනුවෙන් ලබා ගන්නා ගෙවීමක් වශයෙන්, අත දිග හැර තමන්ටම ප්‍රතිලාභ ලබාගත හැකි රැකියාවක් බවට එය පත්ව ඇති අතර, බොරුව සහ මිථ්‍යාව ඉහවහා ගිය, කමකට නැති නිකමුන් රොත්තක් එම ක්‍රමය තුළ නඩත්තු කෙරෙමින් තිබේ. මේ තත්වය සදහටම එසේ වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහි චෝදනා ඉදිරිපත් කිරීම පිටුපස අමාත්‍ය චම්පික රණවක මහතා සිටින බවට මාධ්‍යවල පලවී ඇති වාර්තා සත්‍ය නොවන බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

බොර දිය පොකුණ සිනමා ශාලාව තුළ නිවීයන්නේ සහනුකම්පනීය තිගැස්මකින් මගේ නෙත් තෙත් කරමිනි. එය මා වාර කිහිපයකදීම ලද අත්දැකීමකි. අතීත කතාව හා වර්තමාන කතාව ලෙස බෙදා ඒ අතර පූර්වාපර සන්ධි ගැලපීමක් යෝජනා කරන සිනමා ආඛ්‍යානය එහි සැබෑ ගැලපීම ඇතිකරන්නේ ගෝතමී, මංගලා හා සුවිනීතා නාදුනන තවත් ස්ත්‍රී රූප තුනක් තුළ රූපමාන කොට තිරය මත තබා නිවීයාමෙනි.

හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විස්න් සංවිධානය කළ කාල්ටන් 7 රග්බි සැනකෙළිය හා රාත්‍රී මෝටර් රඨ ධාවන තරඟ වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර් සමාගම රුපියල් මිලියන 86ක් වැයකර ඇති බව වාර්තාවේ.

අන්තර්ජාතික පොලිස් අපරාධ ඒකකයේ නිළධාරීන්ට(interpol) ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ. මෙතුවක් කල් 'ඉන්ටර්පොල්' නිලධාරීන්ට විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවසරය ලැබී නොතිබුණු අතර පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ඉදිරි පත් කළ කැබිනට් පත්‍රිකාව මඟින් මෙම නිළධාරීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වී විමර්ශන කටයුතු කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ඊයේ (9) සවස මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලය වන නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ උපදෙස් මත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප යේ මැයි දිනයට සහභාගී වන ලෙසට ආරාධනා කළේය.

රජයේ සේවකයන්ගේ අප්‍රේල් මාසයේ වැටුප් දීමනා සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ඇතුළු සියලු දීමනා ගෙවීමට අවශ්‍ය රුපියල් කෝටි පන්දහසක (බිලියන 50කට අධික) මුදල කිසිදු ප්‍රමාදයකින් තොරව මහා භාණ්ඩාගාරය විසින් ඊයේම (09) අදාළ අමාත්‍යාංශ හා ආයතනවලට ලබාදුන් බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය වාසස්ථානය ලෙස තොරාගෙන තිබෙන 'මොනර භවන' නම් නිවහනේ ඉදිරිපිට පිහිටි පිහිණුම් තටාකය වැලි පුරවා වසා දමන ලද්දේ ඉන්දියානු වාස්තුවේදීන්ගේ නියමය පරිදි බව වාර්තාවේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලතල ක්‍රියාත්මක වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසුව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද (09)සවස බත්තරමුල්ලේ අපේගම ආසන්නයේ අක්මීමන දයාරත්න නම් කහකඩයා විසින් ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතු යැයි කියමින් සිංහම බෞද්ධ මහ ජාතියේ මහා උද්ඝෝෂණයක් වැනි යමක් කරන්නට උත්සකර තිබිණි.

Connet With Us