ප්‍රවීණ සංගීතඥයෙකු වූ නිමල් මෙන්ඩිස් මහතා අද (16)පෙරවරුවේ අභාවප්‍රාප්තවී තිබේ.

සෑම පාසලකම මත්ද්‍රව්‍ය විරෝධී කමිටු පිහිටුවීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තීරණය කර ඇත.

හෙට දින( 17) විවෘත වන ලංකාවේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය නොමිලයේම නැරඹීමට අවස්ථාව හිමිවේ.

පෞද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත රණතුංග මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තාවෙයි.

ලංකාවේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය ලබන 17 වැනි දින විවෘත කිරීමට නියමිතය.

‘බොකෝ හරාම්’ සටන්කරුවන් විසින් දෙසීයකට වැඩි නයිජීරියානු පාසල් දැරියන් පැහැර ගනු ලැබ වසරක් ගත වීම ලොව පුරා ඊයේ දින අනුස්මරණය කෙරිණි.

යේමන් හමුදාව සමග සටන් කරන හවුති සටන්කාමීන්ට එරෙහිව සම්බාදක පැනවීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

නිවාඩු ලබා නොගෙන, හමුදාව හැර ගොස් සිටින හමුදා සාමාජිකයින්ට ලබාදුන් පොදු සමා කාලය හෙටින් අවසන් වේ.

අප්‍රේල් මස 15 වැනි බදාදා ලා කොළ පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී පූර්ව භාග 09.06 ට දකුණු දිශාව බලා හිසට කොහොඹ පත් ද , පයට කොළොන් පත් ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයට සුබ වේලාව දැන් පැමිණියා.

Connet With Us