ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය 17දා ජනතා අයිතියට

Published in පුවත්
Wednesday, 15 April 2015 13:30

ලංකාවේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය ලබන 17 වැනි දින විවෘත කිරීමට නියමිතය.

අක්කර 140ක භූමියක් පුරා පැතිර ඇති මෙම සත්වෝද්‍යානය ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 862ක් වැය කර තිබේ. මෙම සත්වෝද්‍යානය තුළ සියලුම සතුන් විවෘත භූමියක රඳවා ඇති අතර නිදැල්ලේ සැරි සැරිමට ඉඩ සලසා තිබීම විශේෂත්වයකි.

නරඹන්නන්ටද මෙහි සිටින සතුන් පැති කිහිපයකින් නැරඹීමට හා සතුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා තිබේ.මෙය පින්නවල අලි අනාථාගාරයට ආසන්නයේ ඉදිවේ.

මෙම එළිමහන් සත්වෝද්‍යානය තුළ ලංකාවට ආවේණික සත්ව විශේෂ විශාල ප්‍රමාණයක් දැක ගැනීමට හැකියාව ලැබේ. එසේම මේ මස 17 වනදා සිට 30 වනදා දක්වා කිසිදු අයකිරීමකින් තොරව මෙම සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ සිල්වා මහතා පවසයි.

සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම මෙම නව එළිමහන් සත්වෝද්‍යානය ඉදිකිරීමේ අරමුණ වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us