News Items (18842)
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මේවන විට ගිවිසුම් ගතව කටයුතු කරන පක්ෂ හා තවත් පක්ෂ ඒකරාශී කරගෙන සන්ධානයට අලුත් උප්පත්තියක් ලබා දීමට එම සන්ධානය නායකයන් තීරණය කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්ෂණ මඟින් මෙරට රැඳී සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හා දේශපාලන බලවතුන් 260 දෙනෙකු රහසිගත ස්විස් බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.
මැතිවරන ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් යෝජනාවලිය ලෙස මහ මැතිවරණයේදී ජනතා ඡන්දයෙන් පත්වන නියෝජිතයන් 231 ක් හා ජාතික ලැයිස්තුවෙන් පත්කෙරෙන මන්ත්‍රීවරු 29 ක් ඇතුලත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යෝජනා කොට තිබේ.
වාද ඉවතලා මුලින්ම ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන්න - නීතිවේදී සංගමය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පෙර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් දක්වා ඇති ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට අදාළ යෝජනා සම්මත කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
එල්ටීටීඊයට මුදල් ලබාදුන් අය සමඟ මෙගා ඩීල්කාරයන් 6ක් කොටු වෙති!
2005 ජනාධිපතිවරණය ජය ගැනීම වෙනුවෙන් එමිල් කාන්තන් හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දීම ඇතුළු මහා පරිමාණ දූෂණ වංචා චෝදනා 5 ක් සම්බන්ධයෙන් රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දැරූ දේශපාලනඥයන් තිදෙනකු සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තාවේ.
පරාජිත, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු මැයි රැලියකට සහභාගි නොවීමට තීරණය කොට ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
එජනිස මන්ත්‍රී 36 කට නාම යෝජනා නෑ. විමල්ටත් අබ සරණයි
එළඹෙන මහ මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 36 දෙනෙකුට එම පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන ලකුණු පහළ වී තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිනිය විසින් මෙම 36 දෙනාට නාමයෝජනා ලබා දිය යුතු නැති බවට වත්මන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවය.
රට පාලනය කිරීම සඳහා වරින් වර පත්වන ආණ්ඩු තම තමන්ගේ කාලසීමාවන් තුළ විවිධ රටවල් සමග විවිධාකාරයේ වෙළෙඳ ගිවිසුම්වලට එළඹෙන්නේ ය. එම ගිවිසුම් කෙතරම් දුරට ලාංකීය ආර්ථිකයට සහ ලාංකීය දේශපාලනයට වැදගත් ද නොවැදගත් ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරිමක් නම් මේ කිසිඳු අවස්ථාවක සිදුව නැත. ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් වන්නේ ඒ ඒ සමයන්හි පවතින විපක්ෂයෙන් හෝ වෙනත් සිවිල් සහ බහුජන සංවිධාන මාර්ගයෙනි. මීට පස්වසරකට පමණ පෙර කරළියට පැමිණි ‘‘සීපා ගිවිසුම’’ හෙවත් Comprehensive Economic Partnership Agreement ගිවිසුම ද එවැන්නකි.
වටිනාපහ සෝමානන්ද හිමියන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට
පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ.
ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රීඩක කුමාර් සංගක්කාර කළ මෙහෙය අගයමින් ඔහු ආසියානු සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවී තිබේ. ඊයේ (17දා) රාත්‍රියේදි එංගලන්තයේදී මෙම සම්මාන උළෙල පවත්වා තිබේ.
