මෙම ගිනුම් හිමියන් අතර රාජපක්ෂ රෙජීමය හා ඥාති සම්බන්ධයක් ඇති දේශපාලන ක්ෂෙත්‍රයේ කාන්තාවකගේ සැමියකු රහසිගත ගිනුම් ගනනාවක්ම තිබෙන බවත් හෙළිව තිබේ.
පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ පවුලේ ඥතීන් හා හිතවතුන්ද ස්විස් ගිණුම් පවත්වාගෙන ගොස් තිබෙන බවට බරපතල චෝදනා රැසක් එල්ල වී තිබිණි.
කෙසේ නමුත් මෙලෙස රහසිගත ස්විස් බැංකු ගිණුම් පරික්ෂා කිරීම සඳහා ස්විස්ටර්ලන්ත රජයේ අවසරය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් වාර්තාවන අතර මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කටයුතු සඳහා විදේශ විශේෂඥයන් කිහිප දෙනකු මේවන විටත් මේරට සිට එම කටයුතුවලට සහය දෙමින් සිටී.