ශ්‍රීලනීපය 260ක පාර්ලිමේන්තුවක් යෝජනා කරයි

Published in පුවත්
Sunday, 19 April 2015 08:42

මැතිවරන ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් යෝජනාවලිය ලෙස මහ මැතිවරණයේදී ජනතා ඡන්දයෙන් පත්වන නියෝජිතයන් 231 ක් හා ජාතික ලැයිස්තුවෙන් පත්කෙරෙන මන්ත්‍රීවරු 29 ක් ඇතුලත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යෝජනා කොට තිබේ.

මෙහිදී ආසන මට්ටමින් නියෝජිතයන් 165 දෙනෙක් හා සමානුපාතික ක්‍රමයෙන් නියෝජිතයන් 66 දෙනෙකු ඡන්ද බලය අනුව පත් කෙරේ.

කෙසේ නමුත් නව මැතිවරණ ක්‍රමය බලාත්මක කරනු ලැබුවද මේ අනුව සීමා නිර්ණය කිරීමේ කටයුතු කිරීමට මස තුනකවත් කාලයක් යනු ඇතැයි උපකල්පනය කෙරේ. එමෙන්ම මේ නව ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහාද යම් කාලයක් ගතවනු ඇතැයි මැතිවරන කොමසාරිස් වරයා විසින් ප්‍රකාශ කර තිබිණ.

පසුගිය සිකුරාදා දින ශ්‍රී ලනීපයේ යෝජනාවලිය ජනාධිපතිවරය වෙත ලබා දී ඇති අතර අද(19) දින 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා මෙම මැතිවරන ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික ‍රැස්වීමක් ඔහු විසින් කැඳවා තිබේ.

මේ අනුව අද දින ලංකා දේශපාලනයේ තීරණාත්මක දිනයක් වනු ඇත.

Last modified on Sunday, 19 April 2015 08:43

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us