වාද ඉවතලා මුලින්ම ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන්න - නීතිවේදී සංගමය

Published in පුවත්
Saturday, 18 April 2015 20:05

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පෙර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් දක්වා ඇති ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට අදාළ යෝජනා සම්මත කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එම සංගමයේ නියෝජ්‍ය සභාපති නීතිවේදී සාලිය පිරිස් කියා සිටියේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම පිළිබඳව වර්තමානයේ විවිධ අදහස් පළ වෙමින් පවතින බවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමයට සංශෝධන එක් කිරීම වැනි කරුණු ඉටු කිරීම සඳහා කාලයක් ගත විය හැකි බව පවසන නීතිවේදී සාලිය පීරිස් එහෙත් ස්වාධින කොමිෂන් සභා පිළිබද සංශෝධන සම්මත කිරීම පහසුවෙන් ඉටු කළ හැකි බවයි පෙන්වා දෙන්නේ.

‘ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සඳහා මෙම කොමිෂන් සභා ස්ථාපිත කිරීම බෙහෙවින් වැදගත්. ඒ නිසා ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය වශයෙන් අපි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා-පක්ෂ භේදයකින් තොරව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම පිළිබඳ යෝජනා සම්මත කිරීමට දායක වන ලෙස’ නීතිවේදී සාලිය පීරිස් කියා සිටියේය.

ශ්‍රීලනිප කොන්දේසි

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට අවශ්‍ය නම් ඒ සමගම මැතිවරණ ක්‍රමයට අදාළ සංශෝධන ද සිදු කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් ඉදිරිපත් කර ඇති කොන්දේසිය ගැන විමසීමක් කළ විට ඊට පිළිතුරු දෙමින් නීතිවේදී සාලිය පීරිස් ප්‍රකාශ කළේ, දේශපාලන පක්ෂයක් දරන අදහසක් පිළිබඳව සංගමයක් වශයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවයි.

උපරිමාධිකරණ ආයතනවලට විනිසුරුවරුන් පත් කිරීමේදී ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ අදහස් විමසිය යුතු බවට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් දක්වා ඇති ප්‍රතිපාදනය නිසා අධිකරණයේ ස්වාධීනත්වයට බාධා එල්ල වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ප්‍රකාශ ගැන අවධානය යොමු කළ නීතිවේදී සාලිය පීරිස් කියා සිටියේ, අදාළ ක්‍රියාදාමය සඳහා නීතිවේදීන්ගේ සංගමයේ අදහස් විමසීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබ ඇති බවයි.

අවසන් අවස්ථාව

‘එවිට සිදු වන්නේ අදහස් විමසීමක් පමණයි. අදහස විමසීමක් තුලින් ව්‍යවස්ථාව කඩ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා’ නීතිවේදී සාලිය පීරිස් අවධාරණය කළේය.

මෙහි දී ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති නීතිවේදී සාලිය පීරිස් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ,ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට තිබෙන අවසන් අවස්ථාව මෙය බැවින් එය පැහැර හැරීමට කටයුතු නොකරන ලෙසයි.


bbc

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us