එල්ටීටීඊයට මුදල් ලබාදුන් අය සමඟ මෙගා ඩීල්කාරයන් 6ක් කොටු වෙති! Featured

Published in පුවත්
Saturday, 18 April 2015 14:25

2005 ජනාධිපතිවරණය ජය ගැනීම වෙනුවෙන් එමිල් කාන්තන් හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දීම ඇතුළු මහා පරිමාණ දූෂණ වංචා චෝදනා 5 ක් සම්බන්ධයෙන් රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දැරූ දේශපාලනඥයන් තිදෙනකු සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තාවේ.

එමිල් කාන්තන් හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දීම, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, දිවි නැඟුම අරමුදල් භාවිත කරමින් සිදු වූ දූෂණ වංචා, ඇවන්ගාඩ් සමාගමේ සිදු වූ ගනුදෙනු, ආදායම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදීම සහ කළු සල්ලි යොදවා මෙරට ව්‍යාපාරයන්හි නියැළීම යන ‍‍චෝදනා සම්බන්ධයෙන් මේ හිටපු ප්‍රබලයන් අත්අ‍ඩංගුවට ගැනීමට නියමිතය.

මේ පරීක්ෂණවල මූලික විමර්ශන කටයුතු දැනටමත් අවසන් කොට ඇති බවත්, නීතිපති උපදෙස් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම් සිදු වනු ඇති බවත් මේ පිළිබඳ කරුණු අනාවරණය කළ රජයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ගුවන් තොටුප‍ළේදීම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය සූදානමින් සිටී. දිවිනැඟුම අරමුදල් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ මහතා මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවට ඔහු මීට පෙර මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දී තිබිණි. එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දීමේ ගනුදෙනුවට මව්බිම පුවත්පතේ හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ද සම්බන්ධය.

එමෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවත් දේශපාලනඥයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවල මූලික විමර්ශන අවසන්ව ඇති බව කොමිසමේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ඔවුන් සම්බන්ධයෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නීතිපති උපදෙස් අනුව සිදු කෙරෙනු ඇතැයි කොමිසමේ ආරංචි මාර්ග කියයි.

- සිළුමිණ ඇසුරෙණි

Last modified on Saturday, 18 April 2015 14:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us