මේ වන විට අවතැන්ව සිටින රාජපක්ෂවාදී දේශපාලන පක්ෂ හා එම පක්ෂ හා අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් එක් වී 'වැඩ කරන ජනතාවගේ එක්සත් මැයි දින ‍රැළිය 'නමින් වෙනම මැයි දින ‍රැළියක් පැවැත් වීමට නියමිත අතර මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගී වීමට නියමිත ය.

පුරාවිද්‍යා කැණීම් සඳහා කූරගල දැනට පවතින ඉස්ලාමීය දේවස්ථානය ඉවත් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා විකල්ප ස්ථානයකට යාමට එම දේවස්ථානයේ පාර්ශවයේ කැමැත්ත පළ වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳ වාර්තාව මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කරනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සභාපති අජිත් ඩයස් මහතා ඊයේ පැවැසීය.

“යහපාලන ආණ්ඩුව හරියට වැනෙනවා නේ“ යනු මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය මැතිවරණයේදී ඡන්දය දුන්, මගේ අසල්වාසියෙකු ළඟදී මා සමග කළ ප්‍රකාශයකි. දූෂණයට එරෙහිව පියවර ගැනීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ සිරිසේන මහතා නායකයා වන ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන බහුවිධ න්‍යාය පත්‍ර යන මේවා දෙස බලන විට, මගේ අසල්වාසියාගේ ප්‍රකාශය නිවැරදිය.

ලංකා සතොස මේ වසරේ මාර්තු මාසයේදී පසුගිය වසරවලට වඩා ඉහළ අළෙවි ආදායම් වර්තාවක් පිහි‍ටුවා ඇතැයි වාර්තාවේ. ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 3.2 ක ආදායමක් ලබා ඇති අතර ඒ පසුගිය වසරේ මාර්තු මාසයේදි සටහන් වූයේ බිලියන 2.1 ලෙසය . එසේම 2013 වසරේ මාර්තුමාසයේ ආදායම බිලියන 2.2ක් විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යලි රට විනාශ කිරීමට සුදානම් වන්නේ නම්, ඊට එරෙහි අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කර සිටියි.

රටක් වශයෙන් ද, ජාතියක් වශයෙන් ද ශ්‍රී ලාංකීය ජනතාවට බක් මාසය යනු භාග්‍යවන්ත මාසය යි. එනම් සිංහල දෙමළ සියල්ලන්ට භාග්‍යය උදා කර දෙන මාසය යි. එහෙත් මීට සිවුසාළිස් වසරකට පෙර එලඹි ඒ භාග්‍යවත් මාසය අප රටට සහ රටේ තරුණ පරපුරට ගෙන ආවේ අභාග්‍යය ම ය; අවාසනාව ම ය; මරණය ම ය; ම්ලේච්ඡ මරණය ම ය. එදා කොවුලන්ගේ නාදය වෙනුවට දසතින් නාද දුන්නේ: මෙහෙයුම් හඬ ය; වෙඩි හඬ ය; මර ළතෝනිය ය.

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන නායකයන් තිදෙනා පෙරමුණු තුනකින් තරග කිරීමට සැලසුම් කර ඇතැයි 'දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරයි.

මාර්ග කිහිපයක මංතිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කොට තිබේ.හෙට (06) පෙ.ව. 7.30 සිට 10දා සවස දක්වා මෙය ක්‍රියාත්මක කෙරේ.

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 96 වන උපන් දිනය හෙට(05) දිනට යෙදේ.

Connet With Us