ශ්‍රී ලංකන් එයාර් උලාගෙන කෑ වුන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් දිය යුතුයි

Published in පුවත්
Saturday, 04 April 2015 18:18

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානීන් විසින් සිදුකර ඇතැයි කියන ප්‍රසම්පාදන වංචා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම් වලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ වංචා පිළිබඳව විමර්ශනය කළ නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව ඔහුගේ සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවී තිබෙන අක්‍රමිකතා වලට අදාළව අපරාධ පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන්නැයි මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් නිර්දේශ කර තිබෙන බවයි.

මෙම පරීක්ෂණ කණ්ඩායම වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් පත්කර තිබුණේ 2006 වසරේ සිට 2014 වසර දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවී තිබුණු අක්‍රමිකතා සොයා බැලීම සඳහායි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බලය අයුතු ලෙස භාවිතා කර ඇතැයි මෙම පරීක්ෂණ කමිටුව විසින් සඳහන් කර තිබෙන අතර අඩුමිල විකල්ප තිබුණත් වැඩි මිලට එයාර් බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකන් කටයුතු කර ඇතැයි මෙම පරීක්ෂණ වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එයාර්බස් සමාගමෙන් ඩොලර් බිලියන 2.3 ක් වටිනා නවතම ගුවන් යානා මිලදීගැනීම සඳහා පසුගිය රජය විසින් ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකාරීත්වයේ වෙනස්කම් පවා සිදුකර ඇතැයි මෙම පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය.

මීට අමතරව, මෙම පරීක්ෂණ වාර්තාවෙන් පවසා තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට කල්බදු පහසුකම යටතේ සුඛෝපභෝගී බෙන්ස් රථයක් සහ ප්‍රාඩෝ රථයක් ලබාගැනීම සඳහා හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ හිටපු සභාපතිවරයා විසින් වැරදි තොරතුරු ඇතුළත් ලේඛන ඉදිරිපත් කර ඇති බවට සාක්ෂි තිබෙන බවයි.

එසේම, ශ්‍රී ලංකන් ප්‍රධාන විධායකවරයා ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා අදාළ තනතුර වෙනුවෙන් මසකට අවම වශයෙන් රුපියල් ලක්ෂ 15 ක වැටුපක් ලැබූ බවත් එම වැටුප ලබාගන් අතරම ඔහු විසින් මොබිටෙල් හා මිහින් ලංකා සමාගම්වල දැරූ තනතුරු වෙනුවෙන්ද වැටුප් ලබාගත් බවත් මෙම පරීක්ෂණ කමිටු වාර්තාවේ සඳහන් වනබව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සඳහන් කර තිබේ.

මීට අමතරව, මෙම පරීක්ෂණ කමිටුව සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමහර ප්‍රසම්පාදන ගනුදෙනු වලදී බැඳියාවන් පිළිබඳවද ගැටුමක් (conflict of interest) පෙනෙන්නට තිබෙන බවත් මේ නිසා මේවා වංචා සහගත ගනුදෙනු ලෙසින් සැලකිය හැකි බවයි.

 

- adaderana

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us