ඒ අනුව අදාල මංතීරු වේ වාහන ගමන්කීරීම අවශ්‍ය බවත්, නොසැලකිලිමත් ආකාරයෙන් මංතීරු හරහා වාහන ධාවනය කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් පොලීසිය පවසයි.
10දා දක්වා සිදුකරන්නේ අත්හදා බැලීමක් බවත්, අනතුරුව එම නීතිය දිගටම බලාත්මක කරන බවත් පොලීසිය පවසයි. වාහන තදබදය හා රථ වාහන අනතුරු අවම කිරීමමෙහි අරමුණ බව පොලීසිය නිවේදනය කරයි.
මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ග පහතින්
මොරටුව සිට ගාලූ පාරේ ගාලූ මුවදොර එන්.එස්.ඒ. වටරවුම දක්වා
කොල්ලූපිටියේ සිට බම්බලපිටිය දක්වා ඩුප්ලිකේෂන් පාර (ආර්. ඒ. ද මෙල් මාවත)
බොරැල්ල සේනානායක හන්දිය සිට ශි‍්‍ර ජයවර්ධනපුර පාරේ පොල්දූව දක්වා
පෑලියගොඩ සිට නුවර පාරේ කිරිබත්ගොඩ දක්වා
පෑලියගොඩ සිට මීගමුව පාරේ වත්තල දක්වා