මහමැතිවරණයට ලොකු පෙරමුණු 3ක්

Published in පුවත්
Sunday, 05 April 2015 10:08

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන නායකයන් තිදෙනා පෙරමුණු තුනකින් තරග කිරීමට සැලසුම් කර ඇතැයි 'දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරයි.

මහ මැතිවරණයට මුහුණදීම සඳහා මොවුන් මේ වන විටත් ග්‍රාමීය මට්‌ටමින් සංවිධාන කටයුතු ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට නායකත්වය දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් සමඟ ඒකාබද්ධව පෙරමුණක්‌ ලෙසත්, එක්‌සත් ජාතික පක්‍ෂයට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ, මුස්‌ලිම් හා තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ ඒකාබද්ධ කර ගැනීමටත්, මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ ඒකාබද්ධ කරගත් පෙරමුණක්‌ ලෙසත් මහ ඡන්දයට ඉදිරිපත් වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණ අලියා ලකුණ යටතේ ඡන්දයට ඉදිරිපත් වීමට තීරණය කර තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනඟන පෙරමුණ කුමන ලකුණු වලින් ඡන්දයට ඉදිරිපත් වෙනවාද යන්න මෙතෙක්‌ තීරණය කර නොමැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us