මේ වන විට අත් අඩංගුවේ පසුවන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර ගෙන් මුදල් ලාබාගත් ජනප්‍රිය නිළියන් 6 දෙනෙකු ගැන තොරතුරු හෙළිව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රටට කීර්තියක් ගෙන දුන් ප්‍රවීණ ක්‍රීඩකයින්ට, ක්‍රීඩා පරිපාලකයින්ට, කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන් අඛණ්ඩව අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාවික හමුදාවට උපදෙස් දී ඇත.ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා උතුර පළාත් සභාවට පූර්ණ බලතල ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

මයික්‍රෝසොෆ්ට්‌ ආයතනය ස්‌පාර්ටන් ප්‍රොජෙක්‌ට්‌ නමින් නව වෙබ් බ්‍රව්සරයක් හඳුන්වාදී ඇත.

කෙන්යාවේ ගරිස්සා ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයකට ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගණන 147 ක් දක්වා වැඩි වී තිබේ. කෙසේවෙතත් කැරළිකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි සිසුන් සියලූ දෙනා මේ වනවිට බේරාගෙන තිබෙන බව බී බී සී ලෝක සේවය පවසයි.

රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත්‍රය ප්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ සේවාවන් සාපේක්ෂ පහසුවකින් අවශ්‍ය තන්හිදී ලබාගත හැකි වන ලෙසින් රාජ්‍ය ව්‍යුහය සකසා ගැනීම අවශ්‍ය කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි‍ටුවේ සභාපති සනත් ජයසූරිය ඇතුළු පිරිස සිය ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා ඇමැතිවරයට ලබා දී ඇතැයි වාර්තාවේ.

සමෘද්ධි සහනාධාරය උපරිම සියයට දෙසීය (200%) දක්‌වා වැඩි කිරීම ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

මහරගම විපස්සනාරාමයට අලි පොත (අලි ලියාපදිංචි කිරීමේ රාජ්‍ය ලේඛනය) ගෙන ගොස් එහි තොරතුරු වෙනස් කිරීමට අලි රොෂාන්ට සහාය වූ වන ජීවී දෙපාර්තමේන්තුවේ රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා ඊයේ (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

එළඹෙන සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ නිර්දේශයන් නිකුත් වූ පසු ඊට අනුගතව දේශීය පරීක්ෂණයක් සහ අධීකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය තීරණය කරයි.

Connet With Us