ජවිපෙ ජාතික විධායක සභාවෙන් ඉවත් නොවෙයි

Published in පුවත්
Thursday, 02 April 2015 23:32

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවට නංවාලීම සහතික කර ගැනීම සඳහා බලපෑම් කරමින් තවදුරටත් ජාතික විධායක සභාව තුළ රැඳී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (02) මාධ්‍ය හමුවක දී අදහස් පළ කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ, යෝජිත ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගනු ලැබීම සහ ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට රජය පියවර ගත යුතුව ඇති බව තමන් ජාතික විධායක සභාව තුළ අවධාරණය කළ බවයි.

‘ජනතා විමුක්ති පෙරමුණ ජාතික විධායක සභාවට සහභාගී වුනේ කරුණු කීපයක් මතයි.අපි ජාතික විධායක සභාව තුළ ප්‍රශ්න කරනවා - ඊට පැවරුන කාර්ය මොනවාද කියල.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය,විධායක ජනාධිපති පාලන ක්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම මනාප ක්‍රමය අහෝසි කොට ජනතා මතය පිළිබිඹු කෙරෙන මැතිවරණ ක්‍රමයක් නිර්දේශ කරනු ලැබීම ආදී වගකීම් රැසක් ඊට පැවරෙනවා’ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.


පක්ෂයේ වගකීම

එම කරුණු ඉටු කරනු ලැබීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවක් ඇති වූ බව කියා සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා,වැදගත් ව්‍යවස්ථා සංශෝධන සහ වෙනත් අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ඉටු කරන මෙන් බලපෑම් කරමින් ජාතික විධායක සභාව තුළ රැඳී සිටීම තම පක්ෂයේ වගකීමක් හැටියට සලකන බවයි කියා සිටියේ.

ආණ්ඩුවේ ප්‍රතිඥා නියමිත කාල සීමාව තුළ ඉටු නොකිරීම සැලකිල්ලට ගනිමින් ජාතික විධායක සභාව තුළ තම සහභාගිත්වය ගැන සලකා බලමින් සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ.

ඉහත කී මාධ්‍ය හමුවේදී තව දුරටත් කරුණු පැහැදිලි කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ජාතික විධායක සභාව තුළ වෙනස් මත දරන දේශපාලන පක්ෂ සහ බලවේග එකට ක්‍රියාත්මක වෙන බව පෙන්වා දෙමින් ‘යෝජිත ව්‍යවස්ථා සංශෝධනවල ජනතා විමුක්ති පෙරමුණේ මතයම නොමැති අතර අඩුපාඩු ඇතත් ඒ තුළ වැදගත් ක්‍රියාමාර්ග රැසක්ම අන්තර්ගත වන’ බවයි කියා සිටියේ.

එම වැඩ පිළිවෙල පරාජය කර දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එම ප්‍රයත්නය පරාජය කළ යුතුව ඇති බවයි පෙන්වා දුන්නේ.
ආණ්ඩුවෙන් පොරොන්දුවක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම,ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම ,ජාතික විගණන කොමිසම ස්ථාපිත කිරීම තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාවට නංවා ලීම, වංචා කරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් දීම ආදී අරමුණු රැසක් ජාතික විධායක සභාවට පැවරෙන හෙයින් තමන් ද ඊට සහභාගී වූ බව කියා සිටි මන්ත්‍රීවරයා එම අරමුණු ඉටු කිරීම වෙනුවට ආණ්ඩුව වෙනත් දේ සිදු කරමින් සිටින හෙයින් ඊට සහභාගී වීම පිළිබඳව ප්‍රශ්නයක් මතු වූ බවයි කියා සිටියේ.
ඒ පිළිබඳව තමන් දැනුම් දුන් අතර අප්‍රියෙල් මස දහවෙනි දින අදාළ සංශෝධන පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ බවත් ඔහු සඳහන් කළේය.

- bbc

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us