යුධ අපරාධ දේශීය පරීක්ෂණය, එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පසුව යි

Published in පුවත්
Friday, 03 April 2015 08:14

එළඹෙන සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ නිර්දේශයන් නිකුත් වූ පසු ඊට අනුගතව දේශීය පරීක්ෂණයක් සහ අධීකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය තීරණය කරයි.

ඒ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කරමින් සිටින අතර ඊට අමතරව සංහිඳියා‍ව වෙනුවෙන් විදේශීය අත්දැකීම් සහිත විශේෂඥයන්ගේ දැනුම ලබාගැනීමට කටයුතු වත්මන් රජය පියවර ගෙන තිබෙන බවද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (02) පැවැති ශ්‍රී ලංකා - යුරෝපා ඒකාබද්ධ කොමිෂමේ 19 වැනි සැසිවාරය අමතමිනි. ශ්‍රී ලංකා නව රජය බලයට පත්ව දින 82 ක් ගතවන අවස්ථාවේ දී මේ සැසිවාරය පවත්වන අතර ශ්‍රී ලංකා යුරෝපා සබඳතා සාධණීය අන්දමින් යළි තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පසුවෙයි.

මේ සැසිවාරය 1995 වසරේ ඇති කරගත් සහකාරිත්ව සහ සංවර්ධන සහයෝඟීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ 20 වැනි සංවත්සරයට සමඟාමීව පැවැත්වීම ද විශේෂත්වයකි.

එහිදී වැඩිදුරටත් අදසස් දක්වමින් විදේශ කටයුතු ඇමැතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ නව රජය අන්තර්ජාතික ප්‍රජාව සමඟ සහයෝඟයෙන් යුතුව කටයුතු කරමින් නව දිශාවකට ගමන් කිරීම සඳහා පශ්චාත් ගැටුම්කාරිත්වයෙන් පසුව ජාතිය ගොඩනැඟීමට ද යොමුව තිබෙන බවයි.

ජනවාරි මාසයේ පැවැති මැතිවරණයේ දී ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට සියලු ජාතීන් එක්ව ජනාධිපතිවරයෙකු තෝරාගත් බව සඳහන් කළ ඇමැතිවරයා එම ජනාධිපතිවරයා වාර්ගික, සංස්කෘතික සහ භාෂා භේදයකින් තොරව එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට උරදී සිටින බවද පෙන්වා දුන්නේය.

රජය බලයට පත්වීමෙන් පසු කෙටි කලකදීම මාධ්‍ය නිඳහස තහවුරු කරමින් වෙබ් අඩවි අවහිර කිරීම වළකා විදේශ මාධ්‍යවේදීන්ට ද පවනා තිබූ සීමාවන් ඉවත් කොට නිඳහසේ කටයුතු කිරීමට අවස්ථාව දී තිබෙන අතර විදෙස් මා‍ධ්‍යවේදීන්ට ද මේ රටට පැමිණෙණ ලෙස ආරාධනාකර තිබෙන බවද සිහිපත් කළේය.

මේ තත්ත්වය යටතේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ද මාධ්‍යවේදීන්ට ද සිවිල් සමාජ සාමාජිකයන්ට ද නිදහසේ ක්‍රියාකිරීමට අවස්ථාව සැළසී තිබෙන අතර මෙවර නිදහස් දිනයේ දී යළිත් ශ්‍රී ලාංකිකයන් ලේ වැඟිරීමකට ගොඳුරු නොවන වාතාවරණයක් මතුවන සේ සියලු ජාතීන් අතර සාමය සමඟිය ඇතිවන සේ රජය කටයුතු කරන බවට ප්‍රකාශකර තිබෙන බවද හෙතෙම කීවේය.

ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් දින කිහිපයක දීම උතුරු නැඟෙනහිර හිටපු හමුදා ආණ්ඩුකාරවරුන් ඉවත් කරමින් සිවිල් පාලනය තහවුරු කිරීම සඳහා පියවර ගෙන තිබෙන බව සඳහන් කළ ඒ මහතා එම පළාත්වල සිවිල් කටයුතු සඳහා හමුදාව මැදිහත්වීම වළකා අධි ආරක්ෂිත කලාපවලට යටත්කර තිබූ ඉඩම් අභ්‍යන්තරව අවතැන්වූවන් යළි පදිංචි කිරීමට යොදාගෙන තිබෙන බවද පෙන්වා දුන්නේය.

අධී ආරක්ෂිත කලාපයේ අක්කර දහසක් පමණ ඒවායේ හිමිකරුවන්ට යළි පවරා දී තිබෙන බවද මේ උත්සවවල දී ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගැයීම සංහිඳියාව යළි ඇතිකිරීමේ පියවරක් බවට පත්ව තිබෙන බවද පැවසූ මංගල සමරවීර මහතා අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් යළි පදිංචි කිරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව කටයුතු කරන අතරම යුරෝපා සංගමයේ සහාය ද ඒ සඳහා ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ඒ සමඟම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට විධායක ජනාධිපති බලතල සීමා කිරීමටත් 18 වැනි සංශෝධනය අවලංගු කිරීමටත් ඒ සමඟම ජනාධිපති බලතල අගමැතිවරයාට පැවරීමට ද ක්‍රියාකරමින් පවතින අතර ඊට අමතරව ස්වාධීන අධීකරණ, පොලිස්, මැතිවරණ හා මානව හිමිකම් කොමිෂන් ස්ථාපිත කිරීමට ද එයින් මඟ පෑදෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කොටි තහනම යළි ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය ගෙන තිබෙන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රසාදයට ලක්කළ විදේශ කටයුතු ඇමැතිවරයා එම සංගමය සමඟ ඉදිරියටත් සහයෝඟයෙන් කටයුතු කිරීමට සූදානම් බවද පැවසීය.

dinamina

Last modified on Friday, 03 April 2015 08:18

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us