ඉන්දු - ශ්‍රී ලංකා බුද්ධි අංශ ඒකාබද්ධව පාකිස්ථාන ISI මර්දනයට සැරසේ

Published in පුවත්
Thursday, 02 April 2015 16:44

ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන බලතුලනයත් සමගින් ඉන්දීය බුද්ධි ‍අංශ සේවා සහ ශ්‍රී ලංකා බුද්ධි අංශය ඒකාබද්ධවෙමින් පාකිස්ථාන අන්තර් සේවා බුද්ධි අංශයේ (ISI) මෙහෙයුම් කටයුතු මර්ධනයට පියවර ගැනීමේ වැඩපිළිවෙලකට සූදානම්වන බව ‘ද ඒෂියන් ඒජ්‘ පුවත්පත වාර්තා කර ඇත.

අයි.එස්.අයි. බුද්ධි අංශයට, ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි පාකිස්ථාන තානාපති කාර්යාලයේ උදව් ලැබුණු බවට පසුගිය කාලයේ දී අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි.

‘ද ඒෂියන් ඒජ්‘ පුවත්පතට අනුව කොළඹ පිහිටි පාකිස්ථාන තානාපති කාර්යාලයේ ඇතැම් නිලධාරීන් ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද පාවිච්චි කරමින් ඉන්දියාවට එරෙහිව අයි.එස්.අයි. ගෙන යන බුද්ධි මෙහෙයුම්වලට සහාය දක්වා ඇති බවයි.

එසේම නම අනාවරණ නොකළ ඉන්දීය බුද්ධි අංශ නිලධාරියෙක් පවසා ඇත්තේ රාජපක්‍ෂ පාලන සමයේ චීනය සහ පාකිස්ථානය මුල්කර ගත් අන්තර්ජාතික ව්‍යුහයක් ශ්‍රී ලංකාව අනුගමනය කළ බවයි. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආගමනයත් සමඟින් ශ්‍රී ලංකාව, ඉන්දියාවට වඩාත් නැඹුරුතාවක් පෙන්නුම් කරනු ලැබේ. ඒ අනුව ඉන්දු - ශ්‍රී ලංකා බුද්ධි අංශවලට ඒකාබද්ධ වී අයි.එස්.අයි. බුද්ධි අංශ මෙහෙයුම්වලට එරෙහිව වැඩපිළිවෙලක් ගෙන යා හැකි බවට එම බුද්ධි අංශ නිලධාරියා විශ්වාසය පළ කර ඇත.

එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහ එරට ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් ඩොවාල්ගේ ශ්‍රී ලංකා සංචාරයන් ඉතා සුවිශේෂි දිගුකාලීන මිතුදහමේ ශක්තිමත් අඩිතාලමක් වනු ඇතැයි ද අදාළ පුවත්පතේ සඳහන් වේ.

කොළඹින් සිදුවන බවට විශ්වාස කෙරෙන ISIමෙහෙයුම් පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ මේවන විට ඉතා සුපරික්‍ෂාකාරී අන්දමින් නිරීක්‍ෂණය කරනු ලැබේ. කොළඹ සමඟ ISI පවතින සබඳතාව පසුගිය අප්‍රේල් මාසයේ දී අනාවරණය කර ගන්නා ලද්දේ චෙන්නායි හීදී අත්අඩංගුවට ගත් සහීර් හුසේන් නැමැති ශ්‍රී ලාංකික ISI නියෝජිතයාගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ දී ය.

lankapuwath.lk

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us