ඉරාන කාන්තාවන්ට චියර් කිරීමේ නිදහස

Published in අනං මනං
Monday, 06 April 2015 13:18

පිරිමින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ක්‍රීඩා තරග නැරඹීම සඳහා ඉරානයේ කාන්තාවන්ට පනවා ඇති තහනම ඇතැම් ක්‍රීඩා සඳහා පමණක් ඉවත්කිරීමට එරට රජය තීරණය කොට තිබෙනවා.

පසුගිය කාලයේ පිරිමින් සහභාගී වූ වොලිබෝල් තරඟයක් නැරඹීමට ගත් උත්සහයක් හේතුවෙන් බ්‍රිතාන්‍ය - ඉරාන සම්බවයක් සහිත තරුණියකට සිරබත් කෑමට පවා සිදුවිය.

ඉරාන නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යට පවසා ඇත්තේ ඉදිරියේදී කාන්තාවන්ට ක්‍රීඩා තරඟ නැරඹීමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බවයි.

අදාළ කාන්තාව සිරගත කිරීමට එරෙහිව ජාත්‍යන්තර වොලිබෝල් සංගමය කාන්තාවන්ට තරඟ නැරඹීමට අවස්ථාව ලබා නොදේනම්  ඉරානයට ජාත්‍යන්තර තරඟ සත්කාරකත්වය ලබානොදීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබුණි. කෙසේවෙතත් එම තරුණිය මේ වනවිට නිදහස් කර ඇති බව වාර්තා වේ.

 නව නීතින්ට අනුව ඇතැම් ක්‍රීඩා තරග කිහිපයක් සඳහා පමණක් කාන්තාවන්ට සහ පවුල්වල සාමාජිකයන්ට ප්‍රේක්ෂකාගාරවලට ඇතුළු වීමට ඉඩ ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

1979 වසරේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව පිරිමින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ක්‍රීඩා තරග නැරඹීම කාන්තාවන්ට තහනම් කරනු ලැබුවා.

කෙසේවෙතත් තහනම ඉවත්කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩා පිළිබඳ තවමත් සඳහන් කර නොමැත. බාස්කට් බෝල් සහ වොලි බෝල් තරඟ සඳහා මෙම තහනම ඉවත් වනු ඇතැයි මත පළව තිබේ.

බොහෝදෙනා පවසන්නේ මෙම නිදහස අර්ධ වශයෙන් ලැබුනත් ඉදිරියේදී පාපන්දු තරඟ සඳහාද පවතින නීති රීති වෙනස් වීමට මෙය මග පාදනු ඇති බවයි.

 

ක්‍රීඩා

Connet With Us