අගමැතිවරයා ඉවත් කිරීම නව අගමැතිවරයෙක් පත් කිරීම පිළිබද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විධිවිධාන

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඊයේ යුරෝපා සංගමයේ තානාපති ටුන්ග් - ලායි - මාග්‍යු සිරිසේන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.

ජාතික ලොත‍රැයි මණ්ඩලයේ සේවකයකු වන රියැදුරු හිමේශ් නිසන්සල ද සිල්වා නැමැත්තාට රාජපක්ෂ බත් බැලයන් විසින් මීට සුලු මොහොතකට පෙර පහර දී ඇත.

මීට මොහොතකට පෙර මුදල් අමාත්‍යංශය වටලා ඇති පොලිස් නිළධාරීන් පිරිසක් අමාත්‍යංශයේ කාර්යාල කාමර ගනනාවකට ඇතුල් වී පරිගනක ලිපි ගොනු ‍රැසක් අත් අඩංගුවට ගෙන තිබේ. පසුව මුදල් අමාත්‍යංශ උපදේශකවරයකු ලෙස කටයුතු කළ මනෝ තිත්තවෙල මහතා යටතේ ක්‍රියාත්මක වූ සංක්‍රාන්තික යුක්තිය හා සංහිඳියාව පිළිබඳ සංනිවේදන මධ්‍යස්ථාන කාර්යාල කාමරය මුද්‍රා තැබීමටද කටයුතු කර ඇත.

මහින්ද මෛත්‍රී බලු පූට්‍ටුවට එරෙහිව කටයුතු කරන දුමින්ද දිසානායකට එරෙහිව ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට අනුරධපුරයේ එස් එම් චන්ද්‍රෙස්න සහ එම කණ්ඩායම කටයුතු කරමින් තිබේ, මේ වන විට දුමින්ද දිසානායක ඇමැති ධුර හෙබවූ අමාත්‍යංශ වල සංවර්ධන ව්‍යාපෘතිවල නාම පුවරු ප්‍රචාරක පුවරු සියල්ලම මේ වන විට විනාශ කර දමා ඇත.

මෛත්‍රී මහින්ද එකමුතුවකට එරෙහිව සිටි විජිතමුණි සොයිසාව ආණ්ඩුවට එක්කර ගනිමින් ඇමැතිකම් ලබා දීම සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ සිය විරෝධය පළ කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට සමීප විශ්‍රාමලත් මේජර් ජෙනරාල්වරුන් කිහිප දෙනෙකු ඊයේ ඔහු හමු වී තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා මේ වන විට තමන්ගේ හිතෛෂීන් අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් කිරීම සඳහා නම් ලැයිස්තුව සකසා අවසන්ය. ඒ අනුව සියලු ඇමැතිවරු කටයුතු කළයුතු බව පවසා ඇත. නමුත් මේ වන විට හොර අගමැතිගේ ඇමති මණ්ඩලය දිවුරුම් දී හෝ නම් කිරීම සිදුකර නැත.

ld add copy

Connet With Us