පිළිකා කාරක අඩංගු පොල්තෙල් තොග මේ සතිය තුළම ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන ලෙසට අදාල සමාගම්වලට දැනුම් දුන් බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ප්‍රකශ කර තිබේ.

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04ක් මෙරට භාවිතය සඳහා හෙට (31) දිනයේ සිට නිෂ්පාදනය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේනවා.

ඉදිරි වසර 04 අවසන්වන විට මෙරට දේශීය කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම රජයේ ඉලක්කය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දනද අලුත් ගමගේ ප්‍රකශ කර තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන් 93%ක ගේ පමණ ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිත ප්‍රතිශක්තිවේදී හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකශ කර තිබෙනවා.

සෙත්සිරිපාය තෙවන අදියර යටතේ ලංකාවේ විශාලතම සහ උසම රජයේ කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.

ඛනිජ නිධි ගවේෂණය සඳහා ඉන්දියානු සමාගමක් බලපත්‍රයක් ලබාගෙන ඇතත් කිසිසේත්ම එමගින් නිධියේ අයිතිය ලබාදීමේ තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකශ කර තිබෙනවා.

ඇවෙන්ට් ගාඩ් සමුහ වියාපාරයේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කර තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමත් සමඟ ගත වූ මාස 2 තුළ මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දකින්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us