මත් පෙති 3000ක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඇති ඖෂධ අලෙවිසැලක තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබෙනවා.

අද කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයක් අතරතුරදී කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයකට ආලාභානි කිරීම සම්බන්ධයෙන් පුජ්‍ය ජබුරේවෙළ චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීමට තවත් වැඩිපුර දින දෙකක් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කල අවස්ථාවේ දී ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල ඊට සිය විරෝධතාවය පලකර ඇත.

ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 25ක මෙහෙයුම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදු කරමින් ගුවන් මගීන් 1946 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

අලුත් අවුරුද්දට කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ මගී ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

පුරප්පාඩු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුමගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකශ කර තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11දෙනෙකු ඊයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේනවා.

කොළඹ ‘ඇලවෙන කුලුන’ නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි 1200කට ආසන්න වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (07 වැනිදා) දැනුම් දුන්නේය.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us