කතානායක අශෝක රන්වලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර එති අතර ඒ සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීම මේ වන විට ආරම්භව ඇත.

අපේ ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් අපි ක්‍රියා මාර්ග ගන්නවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදී පවසායි.

මේ වසර ආරම්භයේ සිට දෙසැම්බර් 08 දින දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 1,850,000 ඉක්මවා තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට රට තුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි.

කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

2024 වර්ෂයට අදාළව 'රටවිරු දූ දරු' ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වේ.

ඊයේ (11) පස්වරුවේ සිට වහාම ක්‍රියාත්මකවන පරිදි දිනමිණ කර්තෘ ධූරයෙන් මනෝජ් අබයදීර ඉවත් කර තිබේ. ලේක් හවුස් ආයතනයේ කර්තෘවරයෙකුට සිදුකරන සම්ප්‍රදායික දැනුම්දීමේ රාටවෙන් තොරව ඔහු එම තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us