රිලවුන්‌ මෙරටට අයත්‌ දූපත්‌ වලට ගෙන ගොස්‌ දැමීම සම්බන්ධයෙන්‌ ව්‍යාපෘති වාර්තාවක්‌ සකස්‌ කර තිබෙන බව කෘෂිකර්ම වාරිමාර්ග පශු සම්පත්‌ සහ ඉඩම්‌ අමාත්‍ය ලාල්‌ කාන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 03 ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගිය දෙසැම්බර් 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 2300ක් ආනයනය කර ඇති බව රේගූ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

ජාතික ජන බලවේගය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණය කර තිබේ.

මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us