විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන්කර නැවත මෙරටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් ආර්ථික අර්බුදයෙන් රට මුදවාගත් අයුරින්ම ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවත්, එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් දැක ගත හැකිවනු ඇති බවත් ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් හා රක්ෂිත අත්පත් කරගෙන සිටින පනස් දහසක් ඉක්මවූ අනවසර පදිංචිකරුවන් හා ව්‍යාපාරිකයන් කඩිනමින් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනපතිගේ සාර්ථකත්වය බලා සිටින්නට බැරි දේශපාලන කණ්ඩායම් වේදිකා ගානේ නැග මඩ ප්‍රචාර ගෙන යමින්  බලය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන  පැවසීය.

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ද්‍රඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ 

බිත්තරයක් අද (22) සිට රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා තිබේ. 

ගුරු-විදුහල්පතිවරු අද (22)  සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු සහ විදුහල්පති සංගම් පවසයි.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ld add copy

Connet With Us