රටේ අනාගතය දේශපාල න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් අවධාරණය කළජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බවද පැවසීය.

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාව අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අතර සියලුදෙනා දෑත් ඔසවා එය ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.

ලබන මාසයේ සිට විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000 කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් අනාවරණය වන බව දේශය පුවත් පත වාර්ථා කර තිබිණි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අභිනවයෙන් ඉඳිකළ සීතාවක කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අද  (21) සවස 3ට අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්
සිදු කිරීමට නියමිතය.

බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us