මායාදුන්නේ ගේ මිලියන 183 ක වංචා කතාව බොරුවක්ලු ? Featured

Published in පුවත්
Thursday, 30 January 2025 22:48

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් පලකරමින් ප්‍රියන්ත මායාදුන්නේ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා බොරුවක් බව සඳහන් කරයි

රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පල කල  නිවේදනයේ සදහන් වන්නේ, 

''ඔහුට එල්ල වී චෝදනා ගැන මාධ්‍ය වාර්තා බහුතරයක් පට්ටපල් බොරුය. 2011 පැවති රැස්වීමකට ප්‍රවාහන පහසුකම් සැපයීමට වැය කර ඇති රු. 100,000 ක මුදලක් ගැන ඔහුට චෝදනාවක් ඇත. එවකට ඔහු එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ය. රු. ලක්ෂ දෙකක ඇපයකට ඔහු ඇප ලබන්නේ ඒ නිසාය.

රු. මිලියන 183 කතාව පට්ටපල් බොරුවකි. රාජ්‍ය සේවකයින් තීරණ ගන්නේ ඒ මොහොතේ පවත්නා තත්වයන් යටතේ ය. ජාත්‍යන්තර දිනයක් වෙනුවෙන් සංවිධානය කරන උත්සවයකට සහභාගි වන පුද්ගලයින්ට පහසුකම් සලසන්නට අතිරේක ලේකම්වරයෙකුට නොහැකි නම් ජාතික උත්සව පවත්වන්නේ කෙසේ දැයි ‘රාජ්‍ය නිලධාරීන්’ පරිස්සමෙන් කල්පනා කර බැලිය යුතුය.

දුෂණ වැලැක්වීම යහපත්ය. පන්නාගෙන ගොස් දඩයම් කිරිම වෙනත් කතාවකි.

රාජ්‍ය සේවයේ බහුතරයක් දෙනා ඉතා හොදින් දන්නා ප්‍රියන්ත මායාදුන්නේ, කිසිම දවසක මුල්‍ය වංචාවක් තබා තමන්ගේ පරිහරණයට කාර්යාලයෙන් කොළයක්වත් රැගෙන යන දුර්ලභ ගනයේ නිලධාරියෙකි.''

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us