ධීවර යාත්‍රා සඳහා රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Published in පුවත්
Monday, 21 September 2026 10:07

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය අද දිනයේදී පීඩන අවපාතයක් දක්වාත්, හෙට දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැප්තැම්බර් 23 වනදා පමණ වන විට එය උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරයට ආසන්න බෙංගාල බොක්ක ප්‍රදේශයට ළඟා වීමට ඉඩ තිබේ.

අදාළ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර දක්වා විටින් විට ඉහළ යා හැකි අතර, මුහුද රළු හෝ ඉතා රළු විය හැකියි.

තවද අනතුරු ඇඟවීම් යටතේ නම් කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි සමඟ සුළං වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්ය.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසත්, දැනට එම ප්‍රදේශවල රැඳී සිටින ධීවර යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ඉවත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us