ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක් මේ දිනවල

Published in පුවත්
Tuesday, 28 January 2025 09:23

ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක එකම පොදු මාර්ගයක දැකගැනීමේ හැකියාව පවතින බවය.

මේ දිනවල හිරු බැසයාමෙන් විනාඩි 90ක් ඇතුළත එම ග්‍රහලෝක පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව පවතින බව මහාචාර්ය ච්න්දන ජයරත්න මහතා සඳහන් කළේය.

"මේ දිනවල රාත්‍රී අහසේ ග්‍රහ පෙළපාලියක් දැකගැනීමේ හැකියාව ලෝක වාසීන්ට උදාවෙලා තියෙනවා. ලංකාවේ අපටත් දැක ගන්නට පුළුවන්. බුද ග්‍රහලෝකය පෙන්නේ නැහැ ඊළඟට සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් දර්ශනය වෙන්නේ. මෙයින් යුරේනස් සහ නෙප්චූන් බලන්නට නම් දුරේක්ෂයක් අවශ්‍යය වෙනවා. අනෙක් ග්‍රහලෝක හතර අපිට පෙනෙන්ට තියෙනවා පියවි ඇහැට. මේක දැක බලාගැනීමට සුදුසු කාලය නම් ජනවාරි 29 වනදාට පෙර හිරු බැස ගියාට පසුව විනාඩි 90ක් ඇතුළත කාලය ඉතා හොඳයි. නමුත් මෙය පෙබරවාරි මාසේ මැද වෙනතුරු යම් යම් ආකාරයෙන් දකින්නට ලැබෙනවා. හිරු බැස ගියාට පසු බටහිර අහස බැලපුවාම අපිට දැකගන්න පුළුවන් සිතිජයට ආසන්නයේ ඉතාමත් දීප්තිමත් සිකුරු ග්‍රහලෝකය ඒකට පොඩ්ඩක් පහළින් අපිට පෙනෙන්නට තියෙනවා සෙනසුරු ග්‍රහලෝකය එහි වළලු බලන්නනම් දූරේක්ෂයක් අවශ්‍ය වෙනවා."

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us