දරුවන්ට භාවිතයට නුසුදුසු පැන්සල් තොග ගණන් වෙළෙඳපොළේ

Published in පුවත්
Monday, 27 January 2025 09:03

නව පාසල් වාරය සඳහා දරුවන්ට පොත් ලැයිස්තු සැකසීමේදී ප්‍රමිතියකින් යුතු පාසල් උපකරණ භාවිතය පිළිබඳව අවධානය යොමුකරන්නැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමය ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියි.

එහි ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ දරුවන්ගේ භාවිතය සඳහා නුසුදුසු පැන්සල් විශාල වශයෙන් වෙළෙඳපොළේ විකිණෙන බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි පැන්සල් සහ පාට පැන්සල් භාවිතය මගින් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට සිදුවන පසුබෑම මෙන්ම සෞඛ්‍ය සඳහා වන අහිතකර බලපෑම පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන් සැලකිලිමත් විය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කී ඒ මහතා එහිදී මෙසේ ද පැවැසුවේය.

‘‘පැන්සල් නිපදවීමේදී මතුපිට ආලේප කරන තීන්ත පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා. එමගින් එවැනි පැන්සල් භාවිතය දරුවන්ට සුරක්ෂිත බව තහවරු කරනවා. උදාහරණයක් ලෙස යුරෝපා කමිටුව විසින් නිර්දේශිත CN හෝ EN 71 වැනි ප්‍රමිතීන් මගින් පැන්සල් සහ පාට පැන්සල් බැර ලෝහවලින් ආරක්ෂිත බව තහවුරු කරනවා. මොකද දරුවන් පැන්සල් භාවිතයේදී ඒවා සපනවා. නැත්නම් නාසය හා මුඛය ආශ්‍රිත ප්‍රදේශවල ස්පර්ශ වන්නට පුළුවන්. ප්‍රමිතියකින් තොර ආනයනික පැන්සල්වල බැර ලෝහ අඩංගු නම් දරුවන්ගේ සිරුරට ඒවා ඇතුළු වෙන්න පුළුවන්. මෙය දරුවන්ගේ සෞඛ්‍යයට හානියක්.

පැන්සල නිපදවීම සඳහා භාවිත කරන මිනිරන් පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. තත්ත්වයෙන් බාල පැන්සල්වල තුඩ නිතර නිතර කැඩෙනවා. ඒ වගේම හරියට ලියවෙන්නේ නෑ. මෙන්න මේ වගේ කරුණු නිසා එය දරුවන්ගේ ඉගනීමටත් බලපෑමක් වෙනවා. මේ දිනවල පොත් ලැයිස්තු පිළියෙළ කරන ගුරුවරුන්ගෙන් මේ කරුණු පිළිබඳ දෙමාපියන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. එමෙන්ම ප්‍රමිතියකින් යුතු පාසල් උපකරණ දරුවන්ට ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් දක්වන ලෙස දෙමාපියන්ගෙන් ද ඉල්ලා සිටිනවා.’’

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us