ඒ අනුව ''මීට අවුරුදු දහයකට, පහළවකට පෙර දුම් පානය කළ ප්‍රමාණයට වඩා පිරිමි පුද්ගලයන් දුම් පානය කිරීමේ ප්‍රමාණය අඩුවෙමින් ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
නමුත් සමීක්ෂණ වාර්තා අනුව කාන්තා පාර්ශවයේ දුම් පානය කිරීමේ ප්‍රතිශතය වැඩිවෙමින් පවතින බවත් මේ හේතුවෙන් තරුණ කාන්තාවන්ට පෙනහළු පිළිකා වැළඳීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා. පොදුවේ ගත්විට ලංකාවේ පෙනහළු පිළිකා සුලබ තත්ත්වයක් බවයි විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.