පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ගැන ඉගියක්

Published in පුවත්
Monday, 27 January 2025 08:31

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි.

යාපනය ප්‍රාදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

සියලු පක්ෂ එක්ව පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා වු පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

"සියලුම පක්ෂවල නායකයින්ගේ එකඟතාවයෙන් ආණ්ඩුව පැත්තෙන් පළාත් පාලන ඡන්දය නැවත පැවැත්වීමට අදාළ වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. දැනට අධිකරණය තුල එයට පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා යම්කිසි පාර්ශවයන් කිහිපයක්. නමුත් අපි විශ්වාස කරනවා මැතිවරණ පැවැත්වීමට එකෙන් විශේෂ බාධාවක් වෙන එකක් නෑ කියලා. නඩු තීන්දුව උසාවිය තීන්දු කරන වෙලාවක ලබා දෙන්න. නමුත් එයට සීමිත දින ගණනක් තමා උසාවියට තිබෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ දෙවන සතිය තුළ හෝ හතරවන සතියේ හෝ මැතිවරණ කොමිසම මගින් මැතිවරණය පවත්වයි කියලා. මොකද අපි ඡන්ද කල් දාන්නේ නැතිව උතුරු පළාතේ සහ ලංකාවෙම මේ ප්‍රාදේශිය සභා ඡන්ද පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා."

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us