ජනාධිපතිවරණය අවසන් වන තෙක් රාජ්‍ය ආයතනයන්හි කිසිදු ආකාරයක බඳවා ගැනීම්, පත්වීම් හා උසස්‌වීම් සිදු කිරීම තහනම් බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විශේෂ චක්‍රලේඛයකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග වදින මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පැමිණියේය. පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේ පළමු වරටය.
පරිපාලන සේවා විභාගයට මැතිවරණ උණුසුම වැදේ - උපාධිධාරීන් අසහනකාරී වෙයි
2014 දෙසැම්බර් මාසයට අදාලව විභාග දෙපාර්තමේන්තුවේ දෙසැම්බර් මස විභාග දින දර්ශනයට අනුව දෙසැම්බර් 20 සහ 21 දෙදින ශ‍්‍රී ලංකා පරිපාලන සේවා (සීමිත)තරග විභාගය කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කල්මුණේ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් ගේ මාවිල්මඩ පිහිටි කාර්යාලයට නොවැ. 25 දින අලුයම වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට ඇත. ප්‍රහාරයෙන් කාර්යාලයේ ජනෙල් සහ බිත්ති වලට අලාභ සිදුව ඇත.