වන්නි දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
නොර්වේ විශේෂ සාම නියෝජිතයා ලෙස කලක් කටයුතු කළ එරික් සොල්හයිම් විසින් එල්ටීටීඊ සංවිධානයට මුදල් දුන් බව සහතික කල හැකි ඡයාරූප සාක්ෂි තමා සතුව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේය.

ජනාධිපතිවරණ සමයේ ඇති විය හැකි ප්‍රචණ්ඩක්‍රියා මර්ධනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැෆ්රල් සංවිධානය පවසයි.

වසරකට අලුතෙන් පිළිකා රෝගීන් තිස්‌දහසක්‌ පමණ හඳුනාගන්නා බව මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පැවසුවේය.

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී 'පරවියා' ඡන්ද සලකුණ යටතේ බොහෝ දුරට තරග කරනු ඇතැයි විපක්‍ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බොදුබල සේනා සංවිධානය ලංකාව තුළ සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් විවිධ බාධා කිරීම් සිදු කර අැති බව ජගත් සංවිධානය පවසයි. විශේෂ වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සුළු ජන අයිතිවාසිකම් සම්බන්ධ විශේෂ නියෝජිත රීටා ඉසැක් මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ජිනීවාහී ඊයේ රැස්වූ නිරීක්ෂණ රාජ්‍යයන්හී හත්වන සැසිවාරයේදීය.

''ශ්‍රීමත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ උපන්දිනය යෙදී තිබෙන ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා හැටියට මම කිසිදු පක්ෂයකට අයත් කෙනෙකු ලෙස නොව සෑම දෙනාටම ‍පොදු ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරනවා. හැමෝටම ‍පොදු ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ගැන අද මම මේ බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිට සිට සපථ කර ජනතාවට කියනවා'' යැයි ජනාධිපතිවරණයේ ‍පොදු අපේක්ෂක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ‍ලේකම් හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රබලයෙකු අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලීමක් කර අැත.

ld add copy

Connet With Us