හිලරි ක්ලින්ටන්ට සුපිරි ඝනයේ ජනාධිපතිවරියක් වෙන්න පුළුවන්
ඇමෙරිකාවේ මීළග ජනාධිපතිවරණයට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වුවහොත් ඇය සුපිරි ඝනයේ ජනාධිපතිවරියක් වීමට ඉඩ ඇති බව ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2015 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් වන අවසන් ඡන්ද විමසීම අද සිදු කෙරේ. අයවැය ඡන්ද විමසීමේදී යම් පෙරළියක් සිදුවනු ඇති බවට පළවන මතවාද සම්බන්ධයෙන් මේ වන විට වැඩි අවධානයක් යොමුවී ඇත. දේශපාලන පක්ෂ කුමන ආකාරයකින් මෙවර අයවැය අවසන් ඡන්ද විමසීමේදී කි‍්‍රයා කරන්නේදැයි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ වී නොමැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ සම සංවිධායකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා හා පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරමින් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
බස්නාහිර, ඌව, උතුරුමැද,නැගෙනහිර ඇතුළු පළාත් සභා කීපයක බලය ලබාගැනීම සඳහා පොදු විපක්ෂය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එළඹෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය අද නිවේදනය කළේය. දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීන්වරුන් වෙත අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා ප්‍රකාශ කළේය.