අතිරේක අරමුදල් එපා-ජගත් මානව හිමිකම් කොමසාරිස්

Published in පුවත්
Saturday, 28 March 2015 12:49

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පිහිටවනු ලැබූ පරීක්ෂණ කණ්ඩායම සහිත කාර්යාලය සඳහා අතිරේක අරමුදල් අවශ්‍ය නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පවසා තිබේ.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව ඊයේ (27) ජිනීවා හී මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සෙයිද් අල් හුසෙන් කුමරු මේ බව පවසා ඇත.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විමර්ශණ කණ්ඩායමේ වාර්තාව ඉදිරිපත් කිරීමේදී තීරණය වූයේ එය ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් තැබීමටය. ඒ අනුව සැප්තැම්බර් මාසය දක්වා මෙම කාර්යාලය පවත්වාගෙන යාමේදී ඒ සඳහා අවශ්‍ය අරමුදල් ප‍්‍රමාණවත්දැයි ඇති වූ ගැටළුවකදී මේ සඳහා ප‍්‍රමාණවත් අරමුදල් එක්සත් ජාතීන්ගේ පොදු සම්මේලනයෙන් ලැබී ඇති බව අනාවරණ වුණි. ඒ හේතුවෙන් නැවත අතිරේක අරමුදල් සඳහා ඉල්ලීමක් සිදු කිරීමට අවශ්‍ය නැති බව කොමසාරිස්වරයා පෙන්වා දී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us