ලංකාවේ අපරාධ වැඩිවෙලා ! මහින්දගේ අලුත් විහිළුව

Published in පුවත්
Saturday, 28 March 2015 12:39

රට පුරා අපරාධවල වැඩි වීමක් සිදුවී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඒ මහතා ඒ බව පැවසුවේ අභාවප‍්‍රාප්ත රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ඊයේ පස්වරුවේ මාධ්‍යවේදීන් අමතමිනි.

මනෝජ් මෙන්ඩිස් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩිනමින් නීතිය හමුවට පමුණුවන්නැයි තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේ යැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

මනෝජ් මෙන්ඩිස් යනු රත්ගම හික්කඩුව ප්‍රදෙශවල්ලට කුඩු ගෙන්වා බෙදාහරිනලද ප්‍රමුඛයා බවත් ස්ත්‍රී දූෂණ ගනනාවක් හා මිනීමැරුම් චෝදනා 13ක් එල්ල වී ඇති අපරාධකාරයකු බවත් එම ප්‍රදේශයේ ජනතාවගෙන් හා පොලීසියෙන් ලැබෙන තොරතුරු අනුව හෙළිවේ. මේ අපරාධකරුවාට සිය හදපත්ලෙන් නැගෙන ගෞරවය දක්වන්න ගිය මහින්ද රාජපක්ෂ මේ රටේ අපරාධ වැඩිවී ඇතැයි පැවැසුවේ කටින්ද අනෙක් පැත්තෙන්දැයි යන්න දන්නේ ඔහුම වුවත් මේ රටේ අද ඊයේ උපන් කෙනෙකු හැර අන් කිසිවකුට මේ කතාව ගැනසිය පශ්චාත් භාගයෙන් සිනා නොවී සිටිය හැකි කරුණකි.

මේ රටේ මෑත ඉතිහාසය තුල මීනී මැරුම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර හොරකම් වංචා කුඩු ජාවාරම් ආදී සියළු අපරධයන් ගේ වැඩිම වර්ධනය සිදුව තිබුණේ රාජපක්ෂලාගේ නරුම පාලන සමය තුලදීය. ඒ බව පොලිස් වාර්තාවලින් ම තහවුරුව තිබේ. ඊට අනුග්‍රහ දැක්වූ ජඩ පාලකයකු ලෙස මහින්ද රාජපක්ෂ මේවන විට ඉතිහාස ගතවීද තිබේ. වත්මන් පාලනය තුල මේ අපරාධවලට අපරාධකරුවන්ට ලැබී තිබූ රාජ්‍ය අනුග්‍රහය අහෝසී වීම මහින්දලාට දරා ගැනීමට අමාරුවී ඇති බවත් මේ විසුළුකාරී ප්‍රකාශයෙන් පැහැදිලිය.

අද සිල්ගත් උපසක වේසයක් ගැනීමට දඟලන මේ මිනීමරු පාහර දේශපාලකයන් මෙරටින් මුළිනුපුටා දැමීමට මේ සමාජය තවදුරටත් අසමත් වීම මේ සමාජයේම පරාජයකි. එය මහින්ද අගමැතිවෙන අනාගතයේ දී ඝාතන යළි වැඩිවීමට නම් හේතුවක් වේවී.

Last modified on Saturday, 28 March 2015 12:54

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us