ජයසිරි අලවත්ත තක්කඩියා වීම සහ සතුරා, මිතුරා මාරු වීම

Published in පුවත්
Saturday, 28 March 2015 11:47
3 mana වෙබ් අඩවියේ ‘‘ජයසිරි අලවත්ත තක්කඩියා’’ යන මැයෙන් පුවතක් පළ කොට ඇත. එවන් පුවතක් පළ කිරීමට පෙරටුගාමී පක්ෂය පෙලඹී ඇත්තේ මීට සතියකට පමණ පෙර වංගීස සුමනසේකර විසින් පවත්වනු ලැබූ දේශනයක් ම’විසින් lankadaily වෙබ් අඩවියට වාර්තා කිරීම හේතුවෙන් යැයි විශ්වාස කරමි. 
 
ශ්‍රි ලංකා පෙරටුගාමි  පක්ෂයේ දේශපාලන සතුරන් අපගේ දේශපාලන සතුරන් වන අවස්ථා මෙන් ම නොවන අවස්ථා ද ඇත. දේශපාලන සතුරකු වුව ද ඔහු හෝ ඇය විසින් යම් සාධනීය කටයුත්තක නියැළෙන්නේ ද එය අගය කිරීම අප සතු අයිතියකි; යුතුකමකි; අදාළ පුද්ගලයන් සහ කණ්ඩායම් යම් සමාජ විරෝධී හෝ දේශපාලන විරෝධී අකටයුත්තක නියැළෙන්නේ ද එය හෙළා දැකීම සහ එයට විරුද්ධ වීම ද අපගේ අයිතිවාසිකමකි; වගකීමකි. එය පෙරටුගාමී පක්ෂයේ සිට පෙරටුගාමි සමාජවාදී පක්ෂය හරහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දක්වා ද ඒක රේඛිය තලයක ගමන් කරන්නකි.
 
අනෙක අප මෙම දේශනය පිටපත් කොට පළ කළේ මීට සතියකට පමණ ඉහතදී ය. 3 mana වෙබ් අඩවිය විසින් එයට එරෙහි මඩ ප්‍රහාරය දියත් කරන්නේ සතියක් ඉක්ම යාමෙන් අනතුරුව ය. මේ සම්බන්ධයෙන් ද අපට ගැටලුවක් ඇත. කෙසේ වෙතත් පෙරටුගාමී පක්ෂයේ දේශපාලන සතුරන් සැවොම අපගේ දේශපාලන සතුරන් හෝ මිතුරන් නොවන බව ද එසේ වුව ද අදාළ චරිත හෝ කණ්ඩායම් හෝ ඔවුන්ගේ කාර්යයන් අගය කිරීම හෝ හෙළා දැකීම පෙරටුගාමී පක්ෂයට අවශ්‍යය ආකාරයට සිදු නොකරන බව ද සහෝදරත්වයෙන් පවසන්නෙමු. අප පෙනී සිටින්නේ පුද්ගලයන් හෝ කණ්ඩායම් වෙනුවෙන් නොව කිසියම් දේශපාලනික අවශ්‍යතාවයක් වෙනුවෙනි. 
 
එහෙයිනි වංගීස සුමනසේකරගේ දේශනය පිටපත් කොට පළ කළේ. එහි දී වංගීස පෙර X කණ්ඩායම හෝ එහි නිර්මාතෘවරුන් අමතක කිරීම ඔහුගේ දෝෂයකි. නමුත් ජයසිරි අලවත්ත යන පුද්ගලයා ස්ලැවෝයි ජිජැක් හඳුනා ගන්නේ පෙර X කණ්ඩායම හරහා බව පවසන්නට කිසි සේත් ම මැළි නොවන බව ද මෙහි දී ප්‍රකාශ කළ යුතු ය. නමුත් අදාළ දේශනය පුද්ගලිකව ජයසිරි අලවත්ත ගේ හෝ lankadaily වෙබ් අඩවියේ නොව වංගීස සුමනසේකර ගේ ය. එහෙයින් තම දේශපාලන සතුරාගේ සතුරකු නොවන කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් තමන්ගේ දේශපාලන සතුරකු ලෙස සැලකීමෙන් වැළකි සිටින මෙන් පෙරටුගාමී පක්ෂයෙන් ඉතා සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.
 
 - ජයසිරි අලවත්ත
 
 .......................................................................
 
සංස්කාරක සටහන :
 
 
"..මෙම විපරිතයා පසුගිය දිනක ආපණශාලාවක දී ස්ත‍්‍රීන් දෙදෙනෙකුගේ තට්ටම් සහ තන් මිරීකා ලිංගිකව අතවර කර ඇත. ජිජැක් ගැන දවල්ට කතා කරන මේ තක්කඩියා රාත‍්‍රියට ස්ත‍්‍රී දුෂණයට පෙළඹෙයි. වෙනත් මිනිසුන්ගේ දාර්ශනික සංවාද මැදට පැණ ඒවා හොරා කෑමෙන් නතර නොවී ස්ත‍්‍රීන්ට ද අපහාස කරයි..."
 
"..දැන් අපට lanka Daily වෙබ් අඩවි සංස්කාරකගෙන් අසන්නට දෙයක් ඇත.  මධ්‍යම පාන්තික අපරාධකරුවන්ගේ සමාජ ජීවිතයට දාර්ශනික පුසුඹුවල් ලබා දෙන ඔබලා ඔවුන් විසින් ස්ත‍්‍රීන්ට කරන අපරාධ ගැන නිහඩ වන්නේද ? අප අවධියෙන් බලා සිටින්නෙමු. දර්ශණය ප‍්‍රවෘර්තියක් වන ඔබලාට ස්ත‍්‍රී අපහරණය ප‍්‍රවෘර්තියක් නොවේද? මාලක සිල්වා මෙය කළේ නම් ඔබලා නිකම් සිටිනවාද?"
 
 
ඔබේ සටහනට අනුව මේ කියන සිදුවීම, ගැන අපගේ දැනුම්වත් භාවයක් නොමැත.  එමෙන්ම මේ ඔහුගේ දේශනය හරහා මතුවූ වෙනත් අතිරේක කාරණයක්ද යන්න අපි නොදනිමු. ඒ ගැන දැනුමක් ඔබ වෙත තිබේ නම් ඒ හෙළි කිරීම මෙන්ම ඒ ගැන ජනමාධ්‍ය දැනුම්වත් කිරීම ඔබ විසින් කළ යුතුව තිබේ. ඒ සමාජ ව්‍යාපාරයක් වන ඔබේ වගකීමකි. 
 
ස්ත්‍රීන්ට හෝ අන් කවරෙකුට හෝ වන අපරාධ සම්බන්ධයෙන් නිහඬ සිටීමේ ප්‍රතිපත්තියක්  ලංකා ඩේලි වෙබ් අඩවියට ඇත්තේ නැත. ජනමාධ්‍යක් ලෙස අප ද දරණ යම් මතවාදයන් තිබෙන අතර  මාධ්‍ය මෙහෙයවෙන්නේ ඒ අනුවය.  එහි නිවැරදී භාවය අපගේ දැනුමේ සීමාවන්ට යටත්ව සිදුවන බව අප පිලිගනිමු. (අප තක්කඩීන් ලෙස අනෙකෙකුට අර්ථකතනය කළ හැක්කේ ද මේ සීමාව නිසාය.) එමෙන්ම ලංකා ඩේලි යනු සමාජ ව්‍යාපාරයක් නොවන බවද අවධාරණය කරමු.
 
ඉහතකී දේශනය (ඔබගේ පිළිගැනීම අනුව ඒ දාර්ශනික කටයුත්තකි) අප වෙබ් අඩවියේ පළ කිරීම අරඹයා පැන නැගී ඇති ගැටළුව තුල  ඔබට අනුව එය අපගේ දෝශයක් වන්නේ අදාල දේශකයා ඔබ සඳහන් කරන විදිහේ  අපරාධකරුවකු වීම හා ඒ අපරාධය අප වසන් කරන්නේ යැයි සීමාසහිත වපසරියක සිට කෙරෙන ඔබගේ පූර්ව නිගමනය අනුව බව අපගේ වැටහීමය.
 
  මේ සමාජය ආපස්සට කැර කැවීමට හෝ සමාජය අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් කිරීමට හෝ ඉඩ දීම නොකළ යුතු බව අපගේ වුවමනාවන් අතර ප්‍රමුඛවන බව සඳහන් කරන අතර ඒ වෙනුවෙන්  ත්‍රීමාන වෙබ් අඩවියත් ඒ මෙහෙයවන ශ්‍රීලංකා පෙර‍ටුගාමී පක්ෂයත්  යම් කාර්ය භාරයක නිරත වේ නම් ඒ වෙනුවෙන් අපගේ සහයද හිමිවනු ඇත. අදල දේශනය පළ කරනු ලැබුවේද එවැනිම අදහසක් පෙර‍ටු කොට ගෙන බව සඳහන් කරමු. ඒ අදාලව කරනු ලැබු විවේචනය ද අප සාධනීය කරුණක් ලෙස බාර ගනිමු.
 
 
 3 මාන වෙබ් අඩවියේ පළවූ සටහන:  ජයසිරි අලවත්ත තක්කඩියා 
 
 
 
 
Last modified on Saturday, 28 March 2015 13:26

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us